➪12

1.2K 299 99
                                    

බෑග් එකත් එල්ලගෙන කැෆටේරියා එකට ආව ජිමින්ගෙ මූණ මලානික පෙනුමක් අරගෙන තිබ්බා.ජිමින් ඉන්නේ මොකක් හරි ගැටලුවකින් බව පෙන්නන්න එයාගෙ තොල් පෙති පවා සුදු මැලිව උනා

" ටේ..."

" ම්ම්..මොකෝ.."

ජිමින් ටේහ්‍යුන්ග් ළගින් වාඩි වුනහම ටේහ්‍යුන්ග් ඇහුවා.ජිමින් තවමත් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බැලුවෙ නෑ..එයා ඉස්සරහා බලාගෙන හිටියෙ හොල්මනක් දැකපු විදිහට.

" ඇයි කතා නැත්තෙ..උබ අවුලකින් ද ඉන්නෙ..? මොකක්ද සිද්ද වුනේ..?"

" මට..මට සබ්ජෙක්ට්ස් වල හැම නෝට් එකක්ම එවනවද.. අදම.. ප්ලීස්...!"

" ඒ...ඕක ගැනද අහස පොළව ගැටගහගන්න කල්පනා කරන්නෙ.." ටේහ්‍යුන්ග් හිනා වෙවී ඇහුවම ජිමින් කම්මුලට අතක් තියාගෙන කැෆටේරියා එකේ විශාල වීදුරුව තුලින් පේන අහස දිහාවට ඇස් අරගෙන ගියා.

' අපිට කවදා ගැටගැහෙන්න ලැබෙයිද..?' ජිමින් හිතුවා.

" උබ මේවා කනවා නෙහ්..? "

" හ්ම්.. කන්නම්.." ජිමින් අහස දිහා බලාගෙනම එතන තිබ්බ අනිත් කෑම ප්ලේට් එක ලගට ගත්තා.

සැරට හදලා තිබුන එනොකි හතු වර්ගයෙන් ටිකක් අහස දිහා බලාගෙනම කටට දාගත්ත ජිමින් තත්පර කිහිපයකින් ඇස් දෙකෙන් දුම් යවන්න ගත්තා.

" ආහ්හ්...මේක ස්පයිසි වැඩියි..මට වතුර ටිකක් දීපන්.." ජිමින් ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ මරන් කන සයිස් එකෙන්..

එතකොටම ජිමින් ළගට ආව හොඳ කඩවසම් පෙනුමක් තිබ්බ ජිමින්ගෙ පරණ පෙම්වතෙක් වෙච්ච ජැක්සන් මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව ජිමින්ගෙ කටට ලං කලා..

" මේක බොන්න බේබි..." ජිමින් ඉක්මනින් වතුර වීදුරුව ගිලලා දැම්මා.

හිස් බඩ නිසා එයාගෙ බඩත් දනවා වගේ..ජිමින් ළගට පුටුවක් ඇඳගත්ත ජැක්සන් ජිමින්ගෙ පිට අතගාන්න පටන් ගත්තෙ ජිමින්ට පුංචි කැස්සක් ආව නිසා..

" අහ්හ්..තෑන්ක්ස් ජැකී.." කැස්ස නැවතුන ගමන් ජිමින් කිව්වා.ජැක්සන් ඔලුව වැනුවත් ජිමින්ගෙ පිටේ තිබ්බ අත අයින් කරගන්න පාටක් තිබුනෙ නෑ.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now