නමවන පන්දුව

1.9K 374 48
                                    

එදා සිද්ධිය වෙලා දැන් මාස හතරක් විතර..කාලේ ගෙවුනෙ හිතා ගන්න බැරි තරම් ඉක්මනට. ආදීගෙ යාළුකම, එයාලගෙ පවුලෙ අයගෙ බැඳීම මගේ ජීවිතේ ලොකු වෙනසක් කලා. අම්මාට ඩැඩා එයාලගෙ හොටෙල් කෝපරේෂන් එකේ ජොබ් එකක් හදල දුන්නෙ කලින් හම්බුන පඩිය වගෙ දෙගුණයක පඩියක් එක්ක. අනික කලින් තැන වගෙ ලොකුවට මහන්සි වෙන්න ඔනකමක් තිබුනෙ නෑ. සතියෙ දවස් හතම 8 - 5 ජොබ් එකක් උන ඒකෙ සතියට දවස් තුනක් විතර නයිට්ශිෆ්ට් වැටුනා..ඒත් ඒ වැඩකරන පැය ගානට සාධාරණ පඩියක් හම්බුනා. අම්මා වැඩ ඇරිල එනකන් වගේම නයිට් ශිෆ්ට් දවසට රෑටත් සෙනසුරාදා ඉරිදදත් මම ආදීලාගෙ ගෙදර හිටියෙ එයාලගෙ බලකිරිල්ලට. අම්මා උනත් ඒකට ගොඩක් කැමති උනේ අද කාලෙ කොල්ලෙක්ව උනත් තනියම ගෙදර දාල යන එක එච්චර හොඳ දෙයක් නොවුන නිසා. අන්තිමට උනේ මම මේ ගෙදරම සාමජිකයෙක් උන එක. මමාගෙ ආදරේ, ආදීගෙ පිස්සු වැඩ, ශීලම්මාගෙ රස කෑම , ඩැඩාගෙ ආරක්ශාව එක්ක මට දැනුනෙ මම සම්පූර්ණයි කියලා. ඒ අස්සෙ සතියට තුන් හතර පාරක්වත් මගෙයි ආදිගෙයි රණ්ඩු නොතිබුනාම නෙවෙයි. මුලදි මුලදි මොනා උනත් මේ ආදීගෙ ගෙදරෙ නෙ කියල මම සද්ද නැතුව හිටියට පස්සෙ පස්සේ මම ආදීටත් වඩා කෑ ගහන්න ගත්තෙ මොනා උනත් මමා හැමදාම මගේ පැත්ත ගත්ත නිසා.

" ආදී බබා .. ඉක්මනට එන්නකො අප්පා..මොනා කරනවද අනේ ඔච්චර වෙලා ඕක අස්සෙ.."

" අනෙ මේ අයියේ වදයක් නොවී ඉන්නවද..මම මොක කරත් තවුසෙට අදාල නෑ නේ.. "

" ශෙනූ බබා..ඔහොමද අය්යට කතා කරන්නෙ ..ඉක්මනින් එන්න..මම ආය කියන්නෙ නෑ.."

හැමසැරේම වගේ මේ පාරත් මමා මගෙ පැත්ත අරන් ආදීට බැන්න..ආදී මමාටයි ඩැඩටයි ශෙනූ බබා වෙනකොට මට ආදී බබා උනේ ඒ දෙන්නට මම මේ ගෙදර ලොකු පුතා වෙනකොට ආදීට මම අයියා වෙද්දි. ඒකෙ වැරැද්දකුත් නෑ. මොකද ජනවාරි නිසා ආදී අවුරුද්දක් කලින් පන්තියේ ඉන්නකොට මම පෙබරවාරි උනා. ඉතින් තනිකරම අවුරුද්දකට කිට්ටු වෙන්න අපි දෙන්න අතර වයස් පරතරයක් තිබුනා. ඉස්කෝලෙදි ක්ලාසස්වලදි නැතත් ගෙදරදි එහෙම නැතන්ම් කවුරුත් නැති තැන්වලදි අපි ඒ විදිහට කතා කරන්න පුරුදු උනා.. චමිත් - ශෙනිරු ඒ නමක් නොදන්න බැඳීම එන්න එන්න යාලුකමකට විතරක් සීමා වෙනකොට ආදීත් සද්ද නැතුව පැත්තකට උනේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක් උනා. ඒත් චමිත් පහුගිය ටිකේම සැරින් සැරේ කෙවින්ව හම්බෙලා කතා කරනවා මම දැක්කා. ඒ හැම වෙලේම කෙවින්ගෙ මූනේ තිබුනෙ හරි බැරෑරුම් පෙනුමක්. එයා එහෙම ඉන්නවා මම දැකල තියෙන්නෙ ආදී ගැන කතා කරනකොට විතරයි. ඒ කියන්නෙ එයා ආදී ගැන තාම හොයල බලනවද ? ඒත් ආදී.. එයා සද්ද නෑ...ඒත් ඒ දෙන්නා යාලුවො විදිහට දෙන්නට දෙන්න උදව් කරගත්තා...එක්කො එයාලා අපි හැමෝගෙම ඇස් වහල හොරෙන්..නෑ ඉතිම් ඒ දෙන්නගෙම හැටියට එහෙම උනත් පුදුමෙකුත් නෑ.. අනේ මන්දා...

METANOIA Part I ( Sinhala BL ) CompletedWhere stories live. Discover now