1 - You නෙවෙයි Yu

2.7K 233 115
                                    

Black Eyes Season Two පලමු කොටස.....

" මමා.......කෝ අනේ.........එන්නකෝ............Gd News එකක් තියෙයි එන්නකෝ.............මමා............."

මගේ නම යුගීත්....යුගීත් උනාට මගේ නම තමයි Yugi..නැත්නම් Yu.... හැමෝම අතරේ මම ප්‍රසිද්ධ Yu කියලයි....
යූ කිව්වම ඔයා කියලනේ කියන්නේ හැමෝම මට මගදි හම්බුනාම හේයි Yu(You) ගානවා...
වෙලාවකට මගේ නමට මටම හිනා යනවා...
ඉතින් මං ගැන කිව්වොත් මම ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි ජපානයේ...
මගේ තාත්තා ලංකාවේ... මගේ අම්මනම් ජපාන් ජාතිකයෙක්... එයාලා ආදරේ කරලා මැරි කරලා තියෙන්නේ...
ඉතින් එයාලගේ ඒ ලස්සන ආදරේ සංකේතය තමයි මම... පපාට අනුව මගේ නම දැම්මට මගේ අග නම නම් අකිසං....
එතකොට මම යුගීත් අකිසං මාරසිංහ වෙනවා... මෙලෝ ගැලපීමක් නැති උනාට ඒ නමට මං නම් ආසයි...
ඒ නම පිළිවෙලට කියුට් , වෝව් , ගැම්ම වගේ තමයි.....
මගේ පෙනුම ගැන කිව්වොත් මම අඩි 5 යි අඟල් 10 ක් උසයි....
මට ලස්සන ගෙයක් තියනවා.. මගේ පා රටේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවරයෙක්.... මමා නම් ඉන්නේ ගෙදර... අපි සරලයි... ඒත් සතුටින්....

" මොකද ඉතින් කෑ ගහන්නේ....??"

මමා කුස්සියේ මං ආසම නූඩ්ල්ස් එකක් හදනගමන් හැන්දත් දික් කරගෙන එද්දී මට හිනා ගියා.. මගේ මමාගේ කොණ්ඩෙ තියෙන්නේ කන් පෙත්ත ලගට තරම් කොටට....
ඒත් කියුට් මගේ මමා...හිනා වෙද්දි කම්මුල් දෙකේම වල ගැහෙනවා...
මම ඒ වලගැහෙන කම්මුලක් එබෙන්නම කිස් කලා... ඇත්තටම මම ඒ දෙන්නටම ගොඩක් ආදරෙයි ....
තාම මම එයාලා දෙන්නගේ මැද තමයි නිදාගන්නේ..ඒකට හේතු ගොඩක් තියනවා.. ඒවා ඉතින් අදම ඔයාලා දැනගන්න ඕනි නෑ.....

" මොකද ඉතින් ළමයෝ...??"

" පපා මාවත් එයා ලග වැඩට ගත්තා.. මෙන්න බලන්න. මම Psychology Couselling එක කලා.. පපාට Certificate එක දුන්නම පපා හා කිව්වා...."

මං මමාගෙන් බලාපොරොත්තු උනේ සතුටින් පිරුණු මූනක් උනාට මගේ මූනත් ඇලවිලා ගියේ මමා එකපාරටම මූන අකුල ගත්ත නිසා....

" ඇයි අනේ මමා...??"

" බබා ඔයාට ඕක කරන්න මම එපා කිව්වනේ... ඒත් බබා ඔයා ඒක කලා... මං ආස නෑ බබා ඔයා මානසික ලෙඩ්ඩු අස්සේ ඉන්නවට.... "

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now