➪13

1.1K 339 104
                                    

වෙලාව රාත්‍රි හතට ආසන්නයි.ලා කහ පැය ආලෝකයක් පැතිරිලා තිබුන මහාචාර්ය ජොන් ජන්ග්කුක්ගෙ නිදන කාමරය වෙනදට වඩා පාලු ස්වරූපයක් අරගෙන තිබුණා.කලු තේමාවෙන් නිර්මාණය කරලා තිබුන ඔහුගෙ නිදන කාමරය දෙසට බැල්මක් හෙලමින් ඉණ වටේ දවටාගෙන හිටි සුදු පැහැති තුවාය ලිහිල් කර අතට ගන්න ගමන් මහාචාර්යවරයා මද හුස්මක් වාතලයට එක් කලා.

අද කවරදාටත් වඩා ජන්ග්කුක්ට මහන්සියක් දැනුනා.මහන්සිය යන්න ඇඟ සෝදාගෙන ආවත් එයාගෙ හිත යම් නොරිස්සුම් ස්වභායක් ගෙන තිබුණා.

මේ වගේ වෙලාවක එයාගෙ හිස තවත් කෙනෙක්ට කියලා සම්භාහනය කරගන්න තිබුනානම් කොච්චර දෙයක් ද කියලා හිතන ගමන් තමන්ගෙ ඇඳුම් අහුරලා තිබුන වෝකින් ක්ලෝසෙට් එකට ඇවිත් සුදු පාටට හුරු ටී ෂර්ටයක් සහ කලු පාට කලිසමක් ඇඳගෙන ආයෙමත් කාමරේට ආවා.

එයාගෙ විශාල ඇඳ දිහා බලපු ජන්ග්කුක්ට එයාව සතුටු කරන්න පුලුවන් තවත් කෙනෙක් හිටියා නම් කියලා හිතුනා..හිනා යන චූටි චූටි රස කතා කියන කෙනෙක්...

නිදන කාමරේට එහායින් තිබුන කාර්යාල කාමරේට ආව මහාචාර්යවරයා මේසෙ පැත්තකින් තියලා තියෙන පැවරුම් ටික දිහා බලලා හුස්මක් පිට කලත් යම් දෙයක් මතක් වුන නිසා මූණ එලිය වුනා.

" පාක්ගෙ අසයින්මන්ට් එක..

බලමු කොල්ලගෙ වැඩ.."

ෆයිල් තොගය අතරින් ජිමින්ගෙ ෆයිල් එක අතට ගත්ත ජන්ග්කුක් කටකොනට හිනාවක් නගාගෙන පුටුවෙන් වාඩි වුනා.

.
.
.

" හ්ම්... කොල්ලා දක්ෂයි.." මහාචාර්යවරයා පෑන පැත්තකින් තිබ්බෙ අතේ තියෙන ෆයිල් එක වහලා දාලා.



~~~~~~~~~~~~~~~~~~~~~



ඊළග දවසෙ ජිමින්ට දේශන තිබුනෙ උදේ දහය හමාරට.ජිමින් දහය වෙද්දිම යුනිවර්සිටි එකට ඇවිත් මහාචාර්ය ජොන් ගෙ කාමරය දිහාවට ඇස් යොමාගෙන හිටියා.

ටිකකින් ටේහ්‍යුන්ගෙන් කෝල් එකක් එද්දි ජිමින් මෙච්චර වෙලා හිටිය කල්පනාවෙන් එයාට මිදෙන්න පුළුවන් උනා.

" හෙලෝ ටේ..."

" උබ යුනි එකට ඇවිත් ද ඉන්නෙ...?"

" ඔව්.. ප්‍රොෆෙසර් ජොන්ගෙ රූම් එක ළග ඉන්නෙ.."

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now