➪14

1.1K 297 89
                                    

" මිස් සෝරා මං යනවා...හෙට උදේට එන්නම්...." ජිමින් හවස හතරට විතර ගෙදරින් එළියට බහින්න කලින් සාලෙ ඉදන්ම සෝරාට කිව්වා.

" බේබි කොහෙද යන්නේ...?" සෝරා සාලෙට ඇවිත් ඇහුවෙ ජිමින් එයාගෙ ලුවී විටන් සයිඩ් බෑග් එක එල්ලගෙන දොරෙන් එළියට බහින්න මොහොතකට කලින්.

" අහ්..මගෙ යාලුවෙක්ගෙ ගෙදර..."

ජිමින් දොරත් වහගෙනම එළියට බැස්සා.සෝරා ආපහු එයා නිරත වෙලා හිටිය වැඩේ කරන්න ගියේ ජිමින්ගෙ ඔය වගේ ගමන් එයාට පුදුමයක් නොවුන නිසා.

උදේ යුනිවර්සිටි එකේදි කතා වුන විදිහට මහාචාර්ය ජොන් ජන්ග්කුක් එයාගෙ කලු ෆෙරාරිය ජිමින්ගෙ නිවස ඉදිරිපිට නතර කලා..ජිමින් ගේට්ටුවෙන් එලියට ඇවිත් අන්ලොක් කරලා තිබුන කාර් එකේ දොර ඇරගෙන පැසෙන්ජර් සීට් එකට නැගගත්තා.

" අම්ම්...ඔයා ගෙදර ගිහින් නෙමෙයි ද ආවෙ ප්‍රොෆෙසර්..?" උදේ ඇඳගෙන හිටිය ඇඳුම තවමත් මහාචාර්යවරයා ඇඳගෙන හිටිය නිසා ජිමින් ඇහුවා.

" නෑ..." මහාචාර්යවරයගෙන් කෙටි පිලිතුරක්.. හැබැයි එයාගෙ වටකුරු ඇස් නම් ජිමින්ගෙ ඇඟ පුරාම ගමන් කලේ හරිම සංකීර්ණ විදියට.

ජිමින් ඇඳගෙන හිටිය සුදු පාට ලාර්ජ් සයිස් ටී ෂර්ට් එක එයාගෙ කළුපාට ඩෙනිම ඉස්සරහින් යට කරලා තිබුණෙ එයාගෙ පෙනුම සරාගී හුරුබුහුටි බවකට පරිවර්තනය කරලා.තොල් වල තිබුන ඉදුණු චෙරි පැහැය ජිමින්ගෙ සුදුමැලි මූණට තවත් ගැලපුනා.

තොල් වල තිබුන ඉදුණු චෙරි පැහැය ජිමින්ගෙ සුදුමැලි මූණට තවත් ගැලපුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යමු එහෙනම්.."

ජිමින් එයාව නිරීක්ෂණය කරන වැඩිමලා දිහා බලාගෙන කිව්වම වැඩිමලා ඉක්මනින් ජිමින්ගෙ මූණට පාත් වුණා.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now