4 - රන් බබා කවුද

1K 206 144
                                    

Black Eyes Season two

" ඒයි මෙහෙට දීපන් ඕක....??"

" බෑ..... !!"

යූ හිරූ ඇද ඇද හිටපු චිත්‍රය උදුරගෙන පැනලා එහාට දිව්වා... පස්සේ ඒ පිටු පෙරලන්න ගත්තම ඒ ඇස් දිලිසුනා....

" මේ මමනේ....!"

පොතත් අතින් අල්ලගෙන යූ ඉනේ අත් දෙක ගහගෙන කටත් පැත්තට කරගෙන හිරූට රැව්වා... ඒ කොණ්ඩේ වම් ඇහේ පැත්තට වැටිලා වැහිලා තිබ්බා..  තද නිල් පාට ෂර්ට් එකකට සුදු පාට ඩෙනිම් එකක් ඇදලා ඉනේ ගැටගහලා තිබ්බ දම්වැල වගේ චේන් පොටක් දණිස්ස වෙනකන් වැටිලා තිබුණා..

" ඒයි මෙහෙට දෙනවා ..........!!!"

ඒත් යූ ඉක්මනින් අත් දෙකම උස්සලා උඩ පැන්නේ හිරූට ඒක අල්ලගන්න බැරි වෙන්නයි....

" මොකටද මං දෙන්නේ.. මේ ඉන්නේ මම... ඉතින් මගේ අවසරයක් නැතුව ඔයාට මාව අදින්න බෑනේ.. ඉතින් දැන් මේක මගේ....!"

යූ කළුපාට ලස්සන ඇස්වලිනුත් හිනාවෙලා හිරූට දිව දික් කලා.... යූගේ කෝලම්වලට හිරූ තප්පරයකට අතරමං වුනා. යූ අත් දෙක උස්සගෙන ඉන්නකොට ෂර්ට් එක චුට්ටක් ඉස්සිලා රන් පාට හම විවර උනා... හැමදාම අභීගේ රත්තරන් පාට හම අස්සේ සදා සිරකරුවෙක් වන හිරූ අදත් ඒ ඉන අස්සේ හිරවුනා.. හිරූ දැක්කේ රතු පාට කළු පාට චූටි පබළු ඇටවලින් හැඩ උනු ඉනේ දාන  පබළු මාලයක්... චූටි කාලේ ඇස්වහ කටවහ යන්න දාන සුදු කළු කිරි පබළු පලදනාවක් වගේ වුනත් ඒකේ තිබ්බ පබළු රතුයි කළුයි උනා... 
හිරූගේ ඇස් යූගේ ඉනේ පැටලිලා කියලා ඒ මොහෙතෙම දැක්ක යූ හිරූගේ ඇස් දිහාම බලාගෙන හිටියේ තමන් ඒ ඇස් නැවතුන තැන දන්න බව අඟවන්න වගෙයි...
යූ හිතුව වගේම හිරූගේ ඇස් එකපාරටම ලැජ්ජාවෙන් බිමට පාත් වුනා....

" අහ්ම්....මේ.........අහ්ම්...........මේ..........හරි....තමුසෙට ඕනි නම් තියාගන්නවා.......!!"

ඇති වුන ලැජ්ජාවටම හිරූ අනිත් පැත්ත හැරුණේ ආපහු යන්නයි....

" ඒයි..........හිරූ ඉන්නවකෝ...............???"

හිරූ අහක බලාගෙන ඇහුණු ඒ කටහඩට ආපහු ගැස්සුනා.. ඒ කටහඩ 100%ක් ම අභීගේ වගේ උනා... හිරූගේ කකුල් එකම තැන ගල් උනේ හිරූ විතරක් නෙවෙයි එයාගේ කකුල් පවා ඒ හඬට අවනත වෙනවා වගෙයි....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now