කඳුළැලි - 01

5.4K 434 115
                                    

අපි සියල්ලන් රැස්ව සිටියේ සහේෂ්ගේ නිවසටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි සියල්ලන් රැස්ව සිටියේ සහේෂ්ගේ නිවසටයි. සහේෂ්ගේ විශාල කාමරයේ අප පස් දෙනා තනිව සිටියද කාමරය ශබ්දයන්ගෙන් පිරී තිබුණේ සියල්ලන් මහත් හඬින් කතා බහ කරන්නට වූ නිසයි. කෙසේ මුත් මම පිරී සිටියේ අධික නොසන්සුන් බවෙනි.

'මිනිරු...' සහේෂ් මගේ පිටට තට්ටු කළ විට මම පියවි සිහියට පැමිණ ඔහු දෙස බැලුවෙමි.

'අහ් ඇයි?' මම විමසූ විට ඔහු ‍මගේ අත වූ දුරකථනය දෙසට හිස වැනීය.

'ඇයි උඹ ඕක හරව හරව ඉන්නේ බදින ඔම්ලට් එකක් වගේ? අර කට්ටිය ෆිල්ම් එකක් බලන්න කතා කරනවා. එන්න යමු.' ඔහු තමා අත වූ බීම වීදුරුව මදක් සොලවාලීය.

මම හිස වැනුවෙමි. 'ඔයාලා බලන්න. නංගි ගෙදර තනියම. මට බයයි එයාට ආයෙත් පැනික් ඇටෑක් එකක් එයිද කියලා.' 

සහේෂ් සුසුමක් හෙලා මගේ පසෙකින් වාඩි වූවේය. ඔහු මගේ අසලින් හිඳගනිද්දී පවා මට ඇති වූයේ හිරිගඩු පිපීමකි. වසර ගණනාවක සිට මම ඔහුට කැමැත්තෙන් සිටින බව මා ඔහුට කෙසේ නම් කියන්නද? 

'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය.

'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු බීම වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි.

'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' ඔහු ම‍ගේ උරයට තට්ටුවක් දැමුවේය. 

මම අපහසුවෙන් සිනාසුනෙමි. මගේ සත්‍ය තත්වය දැනගත් පසුවත් ඔහු මා සමඟ සිටීදැයි යන්න මට ගැටළුවක් විය. මම කිසිවක් නොකීවෙමි. සහේෂ් තමා අත වූ අඹ වීදුරුව කරකවමින් නැවතත් තමාගේ ඇඳ අසලට ගියේ අප සමඟ වූ අනෙක් තිදෙනාට එක් වී චිත්‍රපටිය නැරඹීම සඳහාය. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now