~=අම්බර 9 =~

350 73 75
                                    

විස්මයන් රැසක් දරාගත් විශ්වගුප්ත අසපු පරිශ්‍රය බොහො පරාසයක් තුළ පැතිර තිබුණේ ය. ආලකපුරය විනා මුළු හෙළයෙහිම සාමාන්‍ය වැසියන් කිසිවකු විශ්වගුප්ත ආශ්‍රමයට මග නොදැන සිටියෝ ය. ඉදින් එය එක් වෙනමම ලොවක් බව පැවසීම ද සාවද්‍ය නොවනු ඇත.

'' කුඹුක් අරණ'' විශ්වගුප්ත ආශ්‍රමයේ තවත් එක් සුවිශේෂී අංගයක් විය. සියවස් ගණනින් පැරණි වූ විසල් කුඹුක් වනස්පතින්ගෙන් සැදුම් ලත් මේ ජෛව අංගනය තුළට නම් වර්ෂාවෙන් , සූර්යය රශ්මියෙන් හෝ සුළගින් නම් කිසිදු පීඩාවක් නොවී ය. යථෝක්ථ මණ්ඩපය සෑදීමට දායක වූ කුඹුක් තුරු ලතාවො එහි අහස් වියන සේම බිත්ති ද වූහ. ජීවිය කුඹුක් ගස්  සිය ගණනක් වට වී සැදුණූ විශාල කවකාර මණ්ඩපයේ සියලු කුඹුක් කදන් ඇතුළට හාරා තිබුණේ අලංකාර රාක්ක රැසක් නිර්මාණය කරමිනි . ඉදින් ගතට මෙන්ම සිතටද සිසිල ගෙනෙන මේ විසල් අංගනය අන් කිසිවක් නොව විශ්වගුප්ත ආශ්‍රමයේ '' පුස්තකාල ගර්භය '' විය. දිනය පුරාවටම ජිවය රැදි අරුම පුස්තකාලයක් විය .

මේ පශ්චිම නිශා යාමයේ '' කුඹුක් අරණෙහි '' දැල්වෙන්නේ කණාමැදිරි එළියක් තරමින් කුඩා වූ  පහන් ආලොකයක් පමණකි . එකී පහන් ආලෝකය කුඹුක් බිත්ති මත මැවුවේ පුස්තකයක් අතින් ගත් තරුණයෙකුගේ සෙවණැල්ලකි . තරුණයාගේ අමුතු ඝන නීල පැහැ දෑස් විශාල කුතුහලයකින් තමාගේ හස්තයෙහි වූ පුස්තකයේ අකුරු මතින් දිව යයි . පුස්තකයේ සිදුවීමට අනුව තරුණයාගේ මුහුණුවරද විටින් විට වෙනස් වනු තුන්වැන්නෙකුට පහසුවෙන් වුවද නිරීක්ෂණය කළ හැකි ය. ඔහුගේ හස්තයෙහි වූ පුස්තකය දුර්ලභ යමක් බව නම් නොපෙනේ . '' මියලෝලය '' යනුවෙන් රත්‍රන් පැහැයෙන් ඔබ්බවා තිබූ එහි අවසානයට ද ඔහු පැමිණ ඇති සෙයකි .

තමා කියවමින් සිටි පුස්තකය කියවා අවසන් කළ නිහක්ෂ එය වසා දමමින් නැගී සිටියේ ගතෙහි හිරිකඩ හරිමිනි . තමා මිස අන් කිසිවෙකු කුඹුක් අරණෙහි නොමැති වග නිහක්ෂගේ ඝන නිල් පැහැති දෑස වටහා ගත්තේ ය. ඉදින් ඔහු මියලෝලය කියවා හමාර ය. කිසිදු දැනුම් පුස්තකයක සොයාගැනීමට නොවූ මුහුර්තගාමී පියගැටපෙළ පිළිබද අලංකාර විස්තරයක් මියලෝලය වැනි පැරණි ප්‍රේම පුවතක අඩංගු වීම ඔහුට ද පැහැදිලි කරගත නොහැකි ගැටලුවක් විය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now