'දැන් නංගිට හරිද?' අකිඳු මගේ උරහිසට අත තබමින් ඇසීය.
මම හිස වැනුවෙමි. 'එයාට හොඳටම හොඳ නෑ ඉතින්. ඒත් දැන් අල්ලගෙන ඉන්නවා එයාට පුළුවන් තරමින්.'
අකිඳු තමාගේ බෑගය කුඩා කාමරයේ කොණකින් තබා මා අසලට පැමිණියේ තමාගේ ශිෂ්‍ය නායක ලාංඡනය කමිසයට ගසමිනි. 'අපි යමු බං. දැන් ඩියුටිනේ. අපි පරක්කු වුණොත් පසන් අයියා අපේ ඔළු කයි.'
මම සිනහවක් පෑවෙමි. 'ඔව්... මට අද එක වසර පැත්තේ ඩියුටි. යස්ස පොඩි එවුන් එක්ක මොනවා කරන්නද මන්දා.'
'සහේෂ්ටත් එක වසර පැත්තේ කිව්වා. උඹලා දෙන්නට නම් මොනවා කරගන්නද බැරිද ඉතින්. ගිහින් ඔය පොඩි එවුන් ටික බය කරලා එන්න බං.'
සහේෂ් සමඟ එකට රාජකාරියේ යෙදීම තරම් අපහසු කාර්යයක් වෙනත් නැති බව මම දැන සිටියෙමි. සහේෂ් විනෝදකාමී පුද්ගලයෙක් වූ නිසා ඔහු නිතර කරනා විහිළු වලට සිනහා වෙමින් රාජකාරියේ යෙදීම අපහසු විය.
අකිඳුගේ පිටට පහරක් ගැසූ මම මගේ ලාංඡනය අතින් හදනා අතරේම එක ශ්‍රේණිය පන්ති කාමරය අසලට පිය නැගුවෙමි. සහේෂ් ඒ වන විටත් එක වසර පන්ති අසල මල් ගසකට අත තබාගෙන සිටගෙන සිටියේය.
'ආ මිනිරුවෝ... ඔයත් මෙහෙද දැන්?' ඔහු ඇසුවේ මා ඔහු අසලට එන ආකාරය දුටු විටයි.
මම හිස වැනීමි. 'ඇයි බං මලක් කඩන්නද මල් ගහට අත තියාගෙන ඉන්නේ?'
'මලක් කඩලා දෙන්න කෙල්ලෙක්වත් හිටියා නම් කඩන්න තිබ්බා. මේ ඉස්කෝලේ ඉන්න එකෙක්වත් මට කැමති නැති පාටයි.' සහේෂ් කී විට මම තරමක් තිගැස්සුනෙමි.
'උඹට කැමති අය ඇති. කැමති හැමෝම කැමැත්ත කියන්නේ නෑනේ.' මම කිවේ ඔහුගේ එහා පසින් වැටට හේත්තු වෙන අතරේය.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...