➪17

1.1K 308 95
                                    

ජිමින්ගෙ මූණ පිරෙන්න සතුටු හිනාවක් පිරිලා තිබුණා.එයා යුනිවර්සිටි එක ඇතුලට ඇවිදගෙන එන ගමන් ඊයෙ රෑ ගැන කල්පනා කරමිනුයි හිටියෙ.එයා එයගෙ තරුණ මහාචාර්යවරයා එක්ක ගත කරපු උණුසුම් රෑ ගැන..ඇඟ හිරිවට්ටපු ස්පර්ශ ගැන..ඊයෙ රෑ සඳුළුතලේට වෙලා ඉද්දි තමන්ගෙ මුලු ඇඟම හිරිවට්ටපු මහාචාර්යගෙ වචන..ඒ උණුසුම් සුසුම්..

' ෂට් ද ෆකප් පාක් ජිමින්..!! ' ජිමින් අන්තිමට හිතට කෑගැහුවා.

එයාට ඕන උනේ මහාචාර්යවරයා එක්ක රැයක් ගත කරන්න විතරයි.එතනින් එහාට යමක් එයා හිතලා තිබුනෙ නෑ..

ජිමින්ට තිබුනෙ ජන්ග්කුක් ගැන කැමැත්තක්..ඒක ලිංගික ආකර්ෂණයක් විතරයි..එයා මුලදි හිතුවෙ එහෙම..

හැබැයි අද දවල් වෙද්දි එයාගෙ සම්පූර්ණ හිතම ඊයෙ රෑ නිසා වෙනස් වෙලා.

" හායි බේබි බෝයි..මොකෝ මූණ රතු වෙලා.." කටහඬින් ජිමින් ගැස්සිලා ගියා.

වැටිලා හිටියෙ කල්පනාවෙ තරමට තමන් දේශන ශාලාව ළගටම කිට්ටු කලා කියලාවත් ජිමින්ට සිහියක් තිබුනෙ නෑ.ටේහ්‍යුන්ග් හිනා වෙන ගමන් ජිමින්ගෙ කරට අතක් තියාගෙන අහද්දි ජිමින් තමන්ව උපරිම සැහැල්ලු කරගන්න උත්සහ කලා..

" හාහ්හ්.. මුකුත් නෑ.."

" මුකුත් නැද්ද.. නැත්තං මට කියන්න මොනා හරි ස්පෙෂල් දෙයක් තියේද..?

ඊයෙ රෑ ගැන.." ටේහ්‍යුන්ග් ඇහුවා..ජිමින් යටිතොල හපාගෙන ටේහ්‍යුන්ගෙ මූණට එබුනෙ රස කතාව කියන්න හිතාගෙන.

" හ්ම්..යමුකො ඇතුළට..කියන්න ගොඩක් දේවල් තියේ.."

ජිමින් එහෙම මුමුනලා දේශන ශාලාවට දිහාවට යද්දි ටේහ්‍යුන්ග්නුත් ජිමින්ගෙ පස්සෙන් ඇදුනා..මං හිතන විදිහට ජිමින්ගෙ කතාව ටේහ්‍යුන්ගෙ අනාගතේටත් වැදගත් වේවි..

.
.
.

" උබ ප්‍රොෆෙසර්ට ලව් නෑනෙ..එහෙම අදහසක්වත් හිතේ නෑ නේද..?" ජිමින් එයාගෙ රස කතාව කියලා ඉවර වුනාම ටේහ්‍යුන්ග් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ ජන්ග්කුක් ගැන කියන වාරයක් පාසා ජිමින්ගෙ කම්මුල් වලට ලේ පිරෙනවා දැකලා.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now