14 - ඒ හාදුව

859 186 41
                                    

Black Eyes Season Two..........

හීන් පොද වැස්සකින් ග්ලාස් එක බොඳ වෙනවා... ඒත් එක්කම මඟ දිගට පහු වෙන දර්ශන අතරේ මගේ හිතේ දාහක් දේවල් කැරකුනා.. මල්ලිට ගොඩක් අමාරුයි ද..? හිරූ මං නැතුව කොහොම ඉදීද..? නෙතුම්ට මං කිව්ව නිසා නෙතුමා හෙට රෑ යයි...ඒත් මගේ හිතට අමුතුයි.....
දාහක් ප්‍රශ්න අතරේ මට දැනුනේ හුස්ම හිරවෙන තරම් ස්ට්‍රෙස් එකක්... මම එහෙමම කැබ් එකේ ෂටර් එක ඇරියා... මම ඇස් පියාගන්නවත් එක්කම හිරූගේ අතක් මගේ අතක පැටලුනා.. ඒ ස්පර්ශය මට හුරු උනත් අමුතුම වරදකාරීබවකින් මගේ හිත පිරුණු නිසා මම එයාට නොදැනී එයාගේ අත මගේ අතින් ලෙහා ගත්තා...
ඇත්තටම මට එයා මාව අභී කියලා හිතාගන්න එක දරාගන්න බැරි උනා...
හරිනම් මම එයාගේ ආදරේ එයාගේ සතුට වෙනුවෙන් ඕනිම කැප කිරීමක් කරන්න ඕනි තමයි...
ඒත් හිත ආත්මාර්ථකාමී වෙලා.... මං ආස නෑ එයාට මාව අභී විදියට දෙන්න...
මට ඕනි එයා මට ලං වෙනවනම් මේ ඉන්න මට ලං වෙනවා දකින්න....
ඒ නිසා මම ජනේලයට මගේ අත් දෙකම තියාගෙන වැටෙන හීන් පොදයට මගේ මූන උස්සලා වැටෙන්න දුන්නා...

" හ්...................!"

ඉහළට ඇදගත්ත නහය අස්සේ වැහි පොදෙන් තෙමුනු පරිසරයේ සුවඳ දැනෙද්දී හිතට අමුතුම හැඟීමක් දැනුනා...
මට තප්පරයකට හිතුනා මේ සිහින් පොද වැටෙන මොහොත මගේ ජීවිතේ අමතක කරන්න බැරි දෙයක් වෙයි ද කියලා....
මොකද්දෝ.හේතුවක් නිසා මට හිතුනේ මේ මොහොත කවදාහරි මට මග හැරෙයි කියලා....
ඒ නිසා මම සිතින්, ගතින් මේක විඳින්න පටන් ගත්තා..

" යුගී
...............!"

" හ්ම්ම්...!"

" ඇත්තටම මල්ලි එක්ක ඔයා ඕකේ නේද..?"

ඇත්තටම මම ඕකේ ද..? එයා ඉදලා ඉදලා අහපු ප්‍රශ්නය මගේ හිත තවත් අවුල් කලා... ඒත් ඊලඟ තප්පරයේ මම එයාට දෙන්න උත්තරය හදවතින්ම ඇදලා ගත්තා....

" මට සතුටුයි....!

" ඇයි....?"

'තවත් මම තනිවෙන එකක් නෑ හිරූ.... මටත් දැන් සහෝදරයෙක් ඉන්නවා....!"

ඒ මූනේ අසරණ හිනාවක් ඇදුනා...සමහරවිට මගේ හිරූ මට අනුකම්පා කරනවා ඇති....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now