15 - මගේ මල්ලි

867 189 100
                                    

Black Eyes Season Two.....

මම පන්සලේ බට කුටියට යනකොට මගේ කකුල් පන නැති වෙන ගතියක් දැනුනා... හේතුව මට හිතාගන්නත් බෑ. හිත අස්සෙන් පෑරෙන මොකක්ද වේදනාවකින් මගෙ පපුව පෑරෙනකොට කුටිය වහලා තිබුණ ලී රවුමක් මම දකුණට තල්ලු කරලා කුටිය ඇරියා....
වටේම නිස්කලංකයි ....
පැයක් හිටියත් හිත සැනසෙනවා...
ලෙඩෙක්ට නිදහසේ විවේක ගන්න හොඳම තැනක් තමයි මේක.. ඊටත් වඩා ඇගට දැනෙන සිසිලස මගේ පිච්චුනු හිතට වතුර පොදක් උනා....

" යන්න යූ බබා... අර කෙලවරේ බෙහෙත් ඔරුවේ නිදිකරවලා ඉන්නේ ඔයාගේ මල්ලී... හෙට එයාට සිහිය එනවා කියලා වෙද හාමුදුරුවො කිව්වා..අපි රෑට එයාවත් හම්බෙන්න යමු....!"

" හ්ම්...!"

මම බෑග් එක පැත්තකින් තියලා හිමීට ඒ බෙහෙත් ඔරුව දිහාට ගියා..
මම තියන අඩි මගේ කන් දෙකේ දෝංකාර දෙද්දී මගේ පපුවත් ඒ ගානටම ගැහෙන්න පටන් ගත්තා...
ජීවිතේට දැකපු නැති සහෝදරයෙක් දකිනකොට ඇතිවෙන හැඟීම මේක වෙන්න ඇති..
මල්ලිට බෙහෙත් කරන්නේ ලංකාවේ වෙද හාමුදුරු කෙනෙක්ලු... එයාම මෙහෙ සාම්ප්‍රධායික වෙදකම් කීපයකුත්   මල්ලි වෙනුවෙන් කරලා දැන් ඉවරලු. දැන් සිහිය එන්නලු තියෙන්නේ...

මම බෙහෙත් ඔරුවට ගිහින් ඔලුව දැම්මේ ඒ මූන ටිකක් බලන්නයි... මගේ මල්ලි මං වගේමද..? 
කුතුහලය පිරුණු දෑසින් මම බෙහෙත් ඔරුවේ නිසලව සැතපිලා ඉන්න රත්තරං පාට රූපය දිහා බැලුවා....මම ඉස්සෙල්ලම දැක්කේ ඒ කකුල්... ඒවාගෙ ඇගිලි "" Perfect ! "" හරියට අඹපු පිළිමයක වගෙයි....
හැබැයි මගේ ඇඟිලිත් එයාගේ වගේමයි... අපි දෙන්නම අපේ පා වගෙයි... පා ලංකාවේ උනාට හරිම කඩවසම්.. එයත් රත්‍රන් පාටයි... ඒ ලස්සන අපේ මමාලගෙත් ලස්සන එකතු උනාම අපි දෙන්නම පුදුම ලස්සනයි .. ඒ සිහින් ඉඟ...
බැබලෙන රත්‍රන් පාට පපුව...  අත් බාහුවල පිරුණු ගතිය... එයා ලෙඩෙක් කියලා කියන්න බැරි තරම් එයා පිරිලා..   පස්සේ තමයි මම ඒ මූන බැලුවේ.. ඇත්තටම මට ඒ මූන බලන්න පාත් වෙන්න උනා. මොකද ඒ පැත්ත තිබ්බේ උසට හදලා ආවරණය කරලා...

බැලූ බැල්මට පුදුම ලස්සනයි ... කොණ්ඩේ කර්ලියි කළුයි...ඇස් පිහාටු දිගයි... ලිප්ස් රෝසයි... ඉන්න..........මට හොඳට දැකලා හුරුයි මෙයාව...........
මගේ පපුව  ඩිග් ඩිග් ගාන්න පටන් ගත්තා.. හරියට පරණ
මැෂින් එකක් වගේ...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now