17 - නැවත හමුවීම

913 207 93
                                    

Black Eyes Season Two.....



"ඇහ්..??"

යුගීත් පුදුම උනේ හාමුදුරුවො කිව්ව කතාවට.....

" හ්හ්හ්හ්හා බය වෙන්න එපා.. ඔයාගේ එක්කෙනා ආවම දෙන්න එක්ක මරාගන්නකෝ..."

" අහ්...??"

යුගීත් කටත් ඇරගත්තේ හාමුදුරුවො කා ගැන ද කිව්වේ කියලා...

" මගේ එක්කෙනා කිව්වේ...?"

" ඇයි අර නෙතුම් මහත්තයා...!"

" අහ්.. "

යුගීත් කල්පනා කරේ නෙතුම්ට හාමුදුරුවො එයාගේ එක්කෙනා කිව්වේ ඇයි කියලයි...

" මගේ එක්කෙනා කිව්වේ ඇයි..?"

" අහ්.. එව්ව අනාගතේ වෙයි.. හිමීට හිමීට..."

" අනේ මංදා.. "

යුගීත් කුටියෙන් පිටතට වෙලා දිගු හුස්මක් ගත්තත් ඇතුලට යන එක ගැන එයාට තිබ්බේ චකිතයක් වගේම බයක්.... ..

හිරූ මොනවගේ හැසිරෙයිද මම අභී නෙවෙයි කියලා දැනගත්තම...
ඇත්තටම දෛවය හරිම අමුතුයි.....

🍁🍁🍁🍁

Hiru'S POV........

හාමුදුරුවො මගේ ඔලුව වටේටම කටු ගැහුවට පස්සේ මට දැනුනේ ලොකු සැහැල්ලුවක්..හරියට මම ඔලුවෙ මෙච්චර කල් තියාගෙන හිටපු බරක් මම බිමින් තිබ්බා වගෙයි... ඒක මට හිතාගන්නවත් බෑ..
තවත් එයා කිව්වා ඇතුලට ගියාම මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි කියලා...
ඒ නිසා මගේ හිතේ තිබ්බ චකිතයත් එක්ක අභී(යුගී)  දිහා බැලුවා... එයා හාමුදුරුවො එක්ක බර කතාවක්.
එයාට එහෙම ඉන්න දීලා මම ඒ ලොකු ලී රවුම් දොර දකුණට තල්ලු කරා..
ක්‍රාස්.......හඬින් ඒක එහාට උනාම මම දැක්කේ සාම්ප්‍රදායික ලංකාවේ මැටි ගෙයක්.ඒත් මට ඇතුලට නොයා එලියේ ඉදලා ඇතුල හරියට පේන්නේ නෑ.. කළුවරයි...
හැබැයි ඇතුලෙන් මට ආවේ තනිකරම හුරුපුරුදු පැන්ඩා බේබි සබන් සුවඳ....... ඒ මගේ අභීගේ සුවඳ.. මට මගහැරුණු සුවඳ යුගී ගාව මුලින් තිබුනත්  දැන් අතුරුදහන් වෙලා ගිහින් තිබුණු සුවඳ....
ඒ සුවඳ මම හැමවෙලේම එයාගෙන් හොයන්න උත්සහ කරා.. මොකද ඒකින් මම සැනසුනා...අභී නැති උනාම මම සැනසුනේ ඒ බේබි සුවඳින්...
ඒත්  අභී දැන් පරිණතයිනේ එතකොට ඒ සුවඳ වෙනස් වෙන්න ඇති.. ඒත් මට ඒ සුවඳ ඕනි කියලා කියන්නත් හයියක් නෑනේ... කාමරේ ඒ සුවඳ නිසා මම මගේ නාස් පුඩු පලල් කරලා ඒ මිහිරි සුවඳ මොලයට වෙනකන්ම ඇද ගත්තා... ටිකක් වෙලා ඇස් පියාගෙන ඒක විඳලා
මම හිමීට කොණ්ඩෙ අතින් පිළිවෙලට හදාගත්තා...  හම්බෙන්න ඉන්නේ මස්සිනා උනත් ටිකක් පිළිවෙලට ඉන්න එපැයි.. සතෙක් වගේ කොණ්ඩෙ අවුල් කරගෙන ඉන්න බෑනේ.. 
සුදු වැලි පොළොවෙන් මම සීතල මැටි පොළවට අඩිය තිබ්බම මගේ මුළු ඇග දිගේම ඒ නැවුම් පහස ගලාගෙන ගියා... මැටිවල සීත,
ඒ වගේම ඇතුලෙන් එන පැන්ඩා බේබී සුවඳ මම හිතේ හැටියට විඳගත්තා.. ඒ සුවඳින්  මගේ මත් බව ටිකක් හරි තිබුණා නම් ඒක අතුරුදහන් වෙලා ගියා.. මේ කුටිය හරියට සැනසුම්  කුටියක් වගෙයි....
මගේ ඇගේ නහර පුරාවටම සැනසීම කියන හැඟීම වියළි කතරට දිය පොදක්  වගේ කිදා බහින්න පටන් ගත්තා.. මගේ පපුව ගැහෙන තාලෙත් රිද්මයකට වෙන නිසා  මම මගේ පිටතට ඇහෙන වේගවත් හදගැස්මට අවධානය දුන්නා..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now