සහේෂ්ගේ අත රැඳී තිබුණේ මගේ පාදය මතයි. ඔහු පන්තියේ සටහන ලියනා අතරතුර මේසය යටින් මගේ කලවය මත අත තබාගෙන සිටියේය. මම මගේ සිරුරේ වෙනස් වන හෝර්මෝන වෙනස්කම් සියල්ල පිටට නොපෙන්වා සිටීමට උත්සාහායක් දැරීමි. මගේ මුහුණ රතු වී හුස්ම පපුව තුළ සිරවෙමින් පැවතිණි.
'මිනිරු...' සහේෂ් මගේ කලවය මිරිකමින් මා දෙස බැලීය.
මම පෑන පොත මතින් තබා ඔහු දෙස බැලුවෙමි. 'ඇ... ඇයි?'
'ඔයාට මොකක් හරි අමාරුවක්ද? මූණත් රතු වෙලා. හුස්ම ගන්නෙත් අමාරුවෙන් වගේ.' සහේෂ් විමසුවේ මගේ කලවයට තට්ටු දමමිනි.
මම හිස දෙපසට වැනීමි. 'නෑ... අමාරුවක් නෑ... පොඩ්ඩක් දාඩියයි වගේ...'
සහේෂ්ගේ අප වටා තිබූ වායු සමීකරණ දෙස බැලීය. 'මේවා වැඩ නැද්ද මන්දා නේද?'
මම සිනහා වූයේ ඔහුගේ අත මගේ කලවය මත තවත් රැඳී තිබිද්දීමය. අපි නැවතත් සටහන වෙතට අවධානය යොමු කළෙමු. මගේ සිහියට වරින් වර මෙහන්සා පැමිණියද නිවසට යනතුරු කිසිවක් කිරීමට මට කිසිඳු හැකියාවක් නැත.
පැය තුනක පන්තිය අවසාන වූ පසු අප පන්තියෙන් එළියට පැමිණියෙමු. අප සියල්ලන්ම සිහි විකල් තත්වයට පත්ව සිටියේ අධික ලෙස සංඛ්‍යා මනස ආක්‍රමණය කිරීම හේතුවෙනි.
සහේෂ් මගේ කර වටා අත දැමීය. 'ඒ බං...'
මම ඔහු දෙස බැලීමි. 'ම්ම්ම්...?'
'මම උඹේ නංගිට ට්‍රයි කරන්නද බං?' සහේෂ් විමසුවේ මගේ උරහිසෙන් මාව ඔහු වෙත ඇද ගනිමිනි.
මම නිහඬව ඔහු දෙස බලා සිටියෙමි. 'ම්ම්ම්?'
සහේෂ් මගේ උරහිසින් අල්ලා මාව නැවතත් සොලවාලීය. 'කියන්නකෝ. සෙට් වෙයිද?'
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...