කඳුළැලි - 05

1.5K 360 73
                                    

අකිඳු මගේ උරයට උඩින් එබී මේසය මත දිග හැර තිබූ ආදායම් වාර්තාව දෙස බැලීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අකිඳු මගේ උරයට උඩින් එබී මේසය මත දිග හැර තිබූ ආදායම් වාර්තාව දෙස බැලීය. 'මේක මේ විදිහට දෙන්න බැහැනේ.'

'පිස්සුද අකියෝ. මේක ටයිප් කරලා තමයි පසන් අයියා අතට දෙන්න ඕන. නැත්තම් මාව ලියෝ එකෙනුත් ගහලා පන්නයි.' මම කී විට අකිඳු සිනහවක් පෑ‍වේය.

'උඹව ගහලා පන්නන්න නම් ගොඩක් අය බලන් ඉන්න බව ඇත්ත. ඒත් ඉතින් තමා දුම්මල ගහලාවත් පන්න ගන්න බැරි වුණ යකෙක් ඉන්නවා නම් ඒ මිනිරු දෙවන්ම තමා.'

'වහපන් බං කට.' මම අකිඳුගේ උරයට පහරක් එල්ල කළ විට ඔහු මද හඬකින් සිනහවක් පා නැවතත් ආදායම් වාර්තාව දෙස බලා සිටියේය.

අපි ඒ අවස්ථාවේ සිටියේ අපගේ සමාජ සේවා සංගමයේ ආදයම් වාර්තාව සකස් කරමිනි. ආදයම් වාර්තාව අද සවස් වන විට තමාගේ අතට ලැබීමට නොසැලැස්වුවහොත් අපව සංගමයෙන් එළියට දමන බවට පසන් අයියා තර්ජනය කර තිබිණි. අද සවස් වීමට පෙර මෙය පරිඝනකගත කළ යුතුය. මට අද සවස පන්තිය.

'මේක කරන්න එකෙක් හොයාගන්න ඕන. නැත්තම් අපි ඉවරයි.'

ගණිතාගාරයේ කොණක සිටි ගැහැනු ළමයෙකු තමාගේ අත ඔසවන ආකාරය මගේ දෑස් කොණකට පෙනිණි. 'මට පුළුවන් අයියේ ටයිප් කරන්න.'

මම ඇය දෙස බලා සිටියේ විශ්වාස කළ නොහැකි බැල්මක් සහිතවයි. ඇය මෙහන්සාගේ ව‍යසේ පමණ පසුවන බවක් මට පෙනිණි.

'නංගි කීය වසරෙද?'

'දහය වසරේ අයියේ.'

'නම?'

'යෙහෙනි යුහන්සා.'

'මරු නම හැබැයි.' අකිඳු මගේ කනට කර මැතිරීය.

මම මේසයට යටින් ඔහුගේ පයට පහරක් එල්ල කළෙමි. 'කට වහපන් පව් නොදී.'

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now