සුපුරුදු ආලය

423 60 87
                                    


Namjoon's pov

"Shit ..... එදා මට කතා කරන්න තිබුනා.එහෙම වුනා නම් මේ තරම් මට විදවන්න වෙන්නේ නෑ .
මගේ කෙල්ලට මොන තරම් දුක ඇද්ද?මමයි වැරදි.ඔව්,මම විතරමයි ."
මම නාගෙන ඇදුමකුත් දාගෙන එලියට ආවේ මොකක්ද කරන්නේ හිත හිතා.

"ජූන්.........."
මම ගැස්සිලා ගියේ හුග කාලෙකින් ඇහුන ඒ ආදරනීය කටහඩට.

"රූ..........." මම ඔලුව උස්සලා බැලුවේ කලබලෙන් ඇදෙන් නැගිටලා මගේ ලගට දුවගෙන එන රූහි දිහා.

"ඇයි ළමයෝ ආයෙත් නෑවේ? කෝ ඉතින් ඔලුව පිහිදගෙනත් නෑ මගේ බබා.....
කෝ එන්න වාඩිවෙන්න මම ඔලුව පිහිදන්න."

රූ මගේ අතිනුත් අල්ලගෙන ගිහින් ඇදේ වාඩි කරලා ටවල් එක ගේන්න ගියා.මේ හැම වෙලාවකම මගේ ඇස් පුදුමයෙන් බලන් හිටියේ එයා දිහා.පුරුදු දිලිසෙන ආදරේ පිරුණු ඇස්........................
මගේ රූ...............................

"ජූන්....ඇයි ළමයෝ ආයෙත් නෑවේ.....මගේ කෝලා බෙයාර් ලෙඩ වේවිනේ.එතකොට කවුද මට සැර කරලා මාව බලාගන්නේ හ්ම්..." රූ මගේ ඔලුව පිහිදන ගමන් කියද්දි මම පොඩි එකෙක් වගේ එයාගේ දිහා ඔලුවත් උස්සගෙන බලන් හිටියා.

"ජූන්.....අත කැපුනද මගේ බෙයා....." රූ අඩන්න වගේ අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවේ තවමත් එයා දිහාම බලාගෙන.

"ඇත්තම නේද කියන්නේ? ඔයා දන්නවා මම ගොඩක් බයවෙන බව.බොරු කියන්න එපා මට.කෝ පෙන්නන්න මගේ බෙයාගේ අත.හ්ම්..." රූ ඔලුව පිහිදන එකත් නවත්තලා මගේ කම්මුලෙන් අල්ලගෙන කිව්වා.

මම මුකුත් නොකිව්වම එයා මගේ අත අරගෙන බැලුවා.

"මේ.....ඔප්පා.......ගොඩක් ලේ ගියාද?ටිකක් ගැඹුරට කැපිලානේ.ඇයි නෑ කිව්වේ...?" රූ ඇස්වල කදුලුත් පුරවන් අහද්දි මම මුකුත්ම නොකියා එයා දිහාම බලන් හිටියේ මට මේ වෙලාවේ දෙන්න ඕන reaction එක ඔලුවට එන්නේ නැතිනිසා.

කෙල්ල ඉක්මනට දුවලා ගිහින් first aid box එක අරගෙන මගේ තුවාලෙට බෙහෙත් දැම්මේ හරි පරිස්සමට .එයාගේ ඇස්වලින් කදුලු එලියට පනින්න ඔන්න මෙන්න.
මට දවසක් concert එකකදි injured වුන වෙලාවේ හැමෝම ඉස්සරහ හරිම professional විදිහට wound එකට treat කලත් හැමෝම එතනින් අයින් වෙලා අපි දෙන්නා තනිවුන ගමන්ම රූගේ ඇස්වල දිලිසි දිලිසි තිබුන කදුලු ඔක්කොම කඩාගෙන වැටුනේ ඉකියකුත් එක්ක.කෙල්ල එදා මගේ කකුල අත ගගා තවම රිදෙනවද ජූන් කිය කියා අඩපු විදිහ මට තවම මතකයි.
මට පොඩිම හීරීමක්වත් වෙනවට එයා බයයි.
එයා කියන්නේ මට බෙහෙත් කරන්න එයාට බෑලු එයාගේ අත් වෙවුලනවලු.මගේ හුරතල් දොස්තර නෝනා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now