22 - චූටි බබා

1.1K 206 123
                                    

Black Eyes Season Two.....

"ම්ම්ම්ම්හ්...ම්ම්ම්ම්ම්ම්...හ්....ප්...හ්.......!"

පිටිපස්සෙන් ආපු අතක් මගේ කනෙන් පෝන් එක උදුරලා අරන් කට් කරලා දාද්දී මම හැරුණේ පිටිපස්සේ ඉන්න එකාට දෙකක් අනින්න... මම ඒ අත කිහිල්ල අස්සෙන් දාලා ලොක් කරගත්තේ ඒ මූනවත් නොබලයි....

" ආයි............ආයියා...........මෝඩ නෙතූ..........අතාරිනවා .... "

මම ක්ෂණිකවම ඒ අත අතෑරියේ මගේ චූටි බබාගේ කටහඩ නිසයි.. මම හැරිලා බලනකොටම සීට් එකට නැගලා මැදින් කකුලක් දාලා මගේ එහා පැත්තේ සීට් එකට කකුල තියලා එතනම වාඩි උනා... ඇත්තටම මගේ ඇස් දෙක මට විශ්වාස කරගන්න බෑ.... ඒ දඟකාර හිනාව මම දැක්කේ මගේ ජීවිතේ පලවෙනි වතාටව....
එයාගේ මූනෙන් හිරූ ලගවත් මම ඒ හිනාව දැකලා තිබුණේ නැතිකොට මම ඒ ලස්සන හිනාවට වශී වුනා....
එයාගෙත් ඇස් මගේ වශීකෘත බැල්ම අස්සේ හිරවෙද්දී මම සේප් එකේ අත අරන් ඒ ඔලුවට හිල් වෙන්න තරම් ටොක්කක් ඇන්නා....

" ආයියා............!"

" මෝඩ වස්සා...දන්නව ද මෝඩයෝ මම බය උන තරම...මම ...ම...ම...ම...ම...හි..තු..වේ...ඔයා..මාව..දාලා.........හ්ක්....."

දැන් දැන් මගේ ඇස්වල කඳුළුවල කිසිම පාලනයක් නෑ...අපි ගෑනියෙක් ඉස්සරහා දුර්වලයි කියලා පෙන්වන කැමති නෑ... අපි ගෑනියෙක් ඉස්සරහා අඩන්න කැමති නෑ.. අපි ඉන්නේ ගෑනු ඉස්සරහා සිංහ හමක් පුරවගෙන.. ඒත් මට ඉන්නේ තවත් කොල්ලෙක්... අපි දෙන්නට  ඕනිතරම් තුරුළු වෙලා අඩන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ...
ඇත්තටම නිරාෂා ගිය දුක මම ඊයේ අවසිහියෙන් හිටපු යූ එක්ක බෙදාගත්තා...
හිරූව පරිත්‍යාග කරපු දුක යූ මාත් එක්ක බෙදාගත්තා...
ඒ නිසා අපේ කඳුළු අපිට අලුත් උනෙත් නෑ..ලැජ්ජාවක් උනෙත් නෑ....
මම අඩද්දී අම්මෙක් බබෙක්ව ලඟට ගන්නවා වගේ ඉක්මනින් එයා මාව එයාගේ පපුවට තුරුළු කරගත්තා...

" ඇයි එහෙම...කලේ....දන්නවද යුගී මම බය වුනා දෙයියනේ. මගේ පපුව පැලෙන්න තරම් මට බය හිතුනා.... ඔයා ආපහු එහෙම විහිළු කරන්නේ නෑ කියන්න....ප්ලීස්.... !!!"

" කරන්නෑ............!!!!දැන් අඩන්න එපා...මට සමාවෙන්න... ඇත්තටම මට ලැජ්ජ හිතුනා..!!

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now