හවස පන්ති අවසාන වී නිවසට මා යනවිට මෙහන්සා සිටියේ ඇගේ කාමරයේ ගෙදර වැඩ සම්පූර්ණ කරමිනි. ඇගේ මුළු මුහුණම අඳුරු වී තිබුණේ කිව නොහැකි හැඟීමක් සමඟිනි. මම ඇඟ සෝදා පිරිසිදු වී ඇගේ කාමරයට යන විට ඇය හිස් බැල්මකින් මට සංග්රහ කළාය.
'මොකද අවුල?' මම විමසුවේ ඇගේ ඇඳ මතින් වැතිරෙමිනි.
මෙහන්සා ඇගේ අත වූ පැන්සල මේසය මතින් තබා පුටුව මතින් මා දෙස හැරී බැලුවාය. 'සහේෂ් අයියා...'
මම යටිතොල සපාගත්තෙමි. 'එයා ඔයාගෙන් ඇහුවද?'
මෙහන්සා හිස වැනුවේ එය අනුමත කරන්නට මෙනි.
'ඉතින් ඔයා කැමතිද?' මම විමසුවේ ඊර්ෂ්යාව මගේ මුහුණින් පළ නොකිරීමට වග බලා ගනිමිනි.
මෙහන්සා මා දෙසට හෙළුවේ මට පිස්සුද වැනි බැල්මකි. 'පිස්සුද මට එයාට කැමති වෙන්න. ඔයා එයාව තියාගන්න. මම එයාට කිව්වා මට දැන්මම එහෙම එකක් ඕන නෑ අයියේ කියලා.'
මම ඇය දෙස බලා සිටියෙමි. 'ඔයා එයාට කැමති නැද්ද?'
මෙහන්සා ඇගේ අච්චු පොත දෙසටත් නැවතත් මා දෙසටත් බැල්මක් හෙළීය. 'නෑ. මට එයා ගැන කිසිම හැඟීමක් නෑ. ඇරත් එයා මගේ ටයිප් නෙවෙයි.'
මම කොට්ටයකට මුහුණ තද කොට ඇය දෙස බලා සිටියෙමි. 'මොකක්ද එතකොට ඔයාගේ ටයිප් එක?'
නංගි පුටුවෙන් නැගිට විත් ඇඳට පැන මගේ පසෙකින් වැතිරුණාය. 'මගේ ටයිප් එක... උයන්න පුළුවන්... කතා කරන්න වෙලාව තියෙන කෙනෙක්. එහෙම අය තාම මේ ලෝකේ පහළ වෙලා නැති නිසා මම ජීවිත කාලෙම තනියම ඉන්න තමයි ප්ලෑන් කරන්නේ.'
මම මෙහන්සා දෙස බලා සිටියෙමි. ඇය යමක් සඟවන බව ඇගේ මුහුණේ ඉරියව් වලින් මට කිව හැකි විය. ඒ කුමක්ද යන්න මම දැන නොසිටියත් එය හොඳ යමක් නොවන වග නම් මට වැටහී තිබිණි.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...