25 - හදවතට එකඟව

1K 185 78
                                    

Black Eyes Season Two....

රාත්‍රී 7.00 ට පමණ....

" වයිට් රෝස් අපි ලංකාවට ටිකට් 4 ක් බුක් කරමු... "

" අහ්... ?? ඒත් ඇයි එයාලා යන්නේ නෑනේ නෙතූ..."

සෝෆාව මතට දිගෑදී නෙතුම්ගේ උකුලමත හිස තබාගෙන  tv එකට ඇස් යොමාගෙන සිටි යුගීත් නෙතුම්ගෙන් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන දඩිබිඩියේ තියාගෙන හිටපු ඔලුවත් උස්සලයි...

" මම හිරූගේ හදවත දන්නවා.. ඌට උගේ අප්පලගේ ගති නෑ මැණික... ඌ හදවතින් මාර පිරිසිදුයි..."

" ඉතින්...?"

" ඉතින් ඔය වේදනාවට බෑ කිව්වට ඌ නොගිහින් අප්පච්චි නැති උනොත් ඌට දරාගන්න බැරි වෙයි..."

" ඒත් නෙතූ බයයිනේ... ගියාම ආයේ වෙන් කරන්න හැදුවොත්.. ප්ලෑන් එකක් ගැහුවොත් එයාලා... ???"

" ඒකට තමයි මම ඉන්නේ.. මම එකෙක් දැනටමත් ආරංචිය ඇත්තද කියලා හොයලා බලන්න දාලා තියෙන්නේ.."

නෙතුම් එයාගේ පෝන් එක අරන් පහුවදා රෑ 12.30 ට තියන ෆ්ලයිට් එකේ ටිකට් හතරක් බුක් කලා...

" මගේ නෙතූ දක්ෂයි..!"

යුගීත්ගේ ඇස් දිලිසුනා... නෙතුම්ගේ මුහුණේ ගානට කට් කරලා තිබුණු රැවිල ආසාවෙන් පිරිමදින්න පටන් ගත්ත යුගීත් ඊලඟ මොහොතේ එයාගේ සිනිදු මූන නෙතුම්ගේ ගොරෝසු රැවුලේ සෙමින් ඇතිල්ලුවා... යුගීත්ගේ ඇස් තිබ්බේ නෙතුම්ගේ සුන්දරත්වය විඳගනිමුයි....

" මගේ හබී ගොඩක් හැන්ඩ්සම් "

" මගේ බබත් ගොඩක් කියුට්..."

නෙතුම් යුගීත්ගේ නිකටෙන් අල්ලලා හොලවලා කියද්දී යුගීත් ලැජ්ජාවෙන් මූනත් රතු කරගෙන නෙතුම්ගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තා..

" මගේ කෝලම...!"

" නෙතූ අපි යන්නේ නැද්ද ...?"

" යමු ඔයා දොයිමතේ වගේ හිටපු නිසා මම හිටියේ ටිකක්.. කොහොමත් අපිට යන්න ගොඩක් වෙලා යන්නේ නෑනේ...
එහෙනම් දැන් යන්නකෝ ගිහින් ලෑස්ති වෙන්න... !"

" හ්ම්ම්.."

යුගීත් නෙතුම්ගෙන් මිදිලා කාමරයට පිම්මේ දිව්වේ ඇදුමක් ඇදගන්න.. මේ අතර නෙතුම් ඩිලිවර් එකක් ඇතුලට ගත්තා..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now