මම ශිෂ්‍ය නායක කාමරයේ සිට පිටතට පැමිණියේ නිවසට යෑම සඳහායි. මෙහන්සා මා සිටින තැනට වෙනදා මෙන් පැමිණියේ නැති නිසා මා ඈ පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. අද සහේෂ් පාසල් පැමිණියේ නැති අතර අකිඳු හිරුක සමඟින් නිවස කරා ගොස් තිබිණි. මෙහන්සා විනාඩි පහළවක් යතුරුත් පැමිණියේ නැත. පසන් අයියා ශිෂ්‍ය නායක කාමරයේ දොර වසා පිටව ගිය අතර මම තනිව එතැනට වී බලා සිටියෙමි.
ඇය නැතිම තැන අවසානයේ මම ඇගේ පන්ති කාමරය ඇති දෙසට ඇවිද යන්නට වූයෙමි. දැල්පන්දු පිටිය මැදදී පිරිමි ළමුන් පිරිසක් රවුමක් සෑදී සිටිනු දුටු මම එතැනට ගියේ ඒ කිමදැයි දැන ගැනීම සඳහායි. ඉන් පසුව මගේ ඇස ගැටුණේ ඔවුන්ගේ මැද දෑත් බැඳගෙන බිමට දෑස් යොමු කරගෙන සිටි මෙහන්සාවයි. ඇයගේ හිස බිමට බරවී තිබුණු අතර පිරිමි ළමුන් යම් කිසිවක් පවසා මහ හඬින් සිනාසෙණු මට ඇසිණි. මම වහා මගේ බෑගය පසෙකින් තබා ඔවුන් සිටි දෙසට දිව ගියෙමි.
'මොකද මේ?' මම දැඩිව විමසූ විට පිරිමි ළමුන් සියලු දෙනා හැරී මා දෙස බැලූහ. මෙහන්සාද හිස එසවූ අතර ඇගේ දෑස්වලින් පල වූයේ අසරණ බවයි.
'ඔන්න ආවා!' පිරිමි ළමයෙකු මහත් හඬින් කී අතර නැවතත් ළමුන් සිනාසෙන්නට විය. මම ඔහු දෙස බැලූ විගස ඔහුව හඳුනා ගත්තෙමි. හේ රටේ නමගිය ඇමතිවරයෙකුගේ එකම දරුවා විය. මින් පෙරත් ඔහු අනන්ත රණ්ඩු ගණනක පැටලී තිබූ හෙයින් මම ඔහුව හොඳින් දැන සිටියෙමි.
මම පිරිමි ළමුන් අතරින් ගොස් මෙහන්සාගේ අතකින් ඇද ඇයව මගේ පසුපසට කර ගත්තෙමි. මෙහන්සා මගේ අතකින් එල්ලී මගේ පසුපසින් සැඟවුණාය.
'මොකද මෙතන වුණේ?' මම දැඩිව නැවතත් විමසූ විට පිරිමි ළමුන් එකිනෙකා දෙස බලා ඉඟිමරා ගත්හ.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...