- සුලෝධජ -

164 40 36
                                    

# අවුරුදු හතරෙදි අම්මා එක්ක මාළිගාව අතඇරලා එනවා.

#ශිල්ප පුහුණුවෙද්දි එන්න එන්නම මානුශික හැගීම් ඈත් වෙනවා. ඕනවට වඩා වගකීම් සහගත විදියට හැසිරෙන්න බලනවා.

#ජිවිතේ පළවෙනි යාළුවා නාථ අසාධ්‍ය වෙනවා චූටි කාලේදි. එයා මැරෙන්න යන විදිය බලාගනෙ ඉන්න වෙනවා.

#මිධුනාථ ඈත් වෙනවා.එයා ගැන මතකය වාගිෂ්ඨ මුනි යටපත් කරනවා.

#අම්මායි , වාගිෂ්ඨ මුනියි දෙන්නම මැරෙනවා ,  අනුර්ධ අසපුවම ගිනි තියනවා.

#ධීර එක්ක පර්වතයෙන් පහළට පැනලා අමාරුවෙන් ජිවිතය බේරගන්නවා.

#අවුරුදු දහය වෙනකම් වීදියේ කන්න දේවල් බොන්න දේවල් නැතුව මිනිස්සුන්ගෙන් ගුටි කකා ඇවිදිනවා .

# අවුරුදු දොළහෙදී අසපුව ඉස්සරහා සිහිසුන් වෙලා ඉදිද්දි ගිරි අසපුවෙන් ධීරව බේරගනිද්දි සුලෝවත් ඇතුළට ගන්නවා.

#අවුරුදු දහතුනේදි , තීර්ථය හොයාගෙන යනකොට තමන්ගේ තාත්තා වෙන බිසවක්  විවාහ කරගෙන . සුලෝධජ අඩ අඩ අම්මාට වෙච්ච දේ කිව්වත් ගණන් ගන්නේ නැහැ.

#තාත්තා කෙනෙක් ඉදියාට , රජමැදුරක කුමාරයා උනාට සුලෝධජ ඉන්න තැනක්වත් නැහැ. නම පාවිච්චි කරන්නත් බැරි නිසා , එයාටම නමක් හදාගන්නවා අග්නි . ඒ එයාගේ ලොකුම දුර්වලතාවේ උන ගිනිදැල්වලින්.

#අවුරුදු දහහතරේදි සුලෝධජගේ දක්ෂතා නිසාම වෙනුරාධ මුනිගෙන් හොරෙන් ශිල්ප හදාරනවා.

#අවුරුදු පහළවේදි තමන්ගේ මිය ගිය සහෝදරයා භාසු ජිවතුන් අතර කියලා දැනගන්නවා.

#දාසයේදි සීතල මණිමාප ජලාශයේ බැහැලා රාත්‍රියක් ගත කරලා ගිරි අසපුවේ පුහුණුවීම්වලට සුදුසුකම් ලබනවා.

#අවුරුදු හතරක් දැඩි පුහුණුවීම් කරනවා. දහනවයේදි ජඨිල එයාට උඩුමහලෙන් විසිවෙන්න පයින් ගහනවා. සුලෝධජ එයාට අස්ථි විසිතුනක් කැඩෙන්න ගහනවා .

#මේ සම්පූර්ණ කාලේම , වෛරයන් විදවනවා.

#වාගිෂ්ඨ මුනිගේ අවසන් වදන් උන, අසපුවේ උරුමය සොයාගන්න එයා සක්වල චක්‍රය විවර කරන්න තීරණය කරනවා.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now