විසිතුන්වන පන්දුව

1.5K 307 20
                                    


ආදීලා යනවත් එක්කම එහෙම්ම රූම් එකට ආපු මම ඒ ඇඳුම් පිටින්ම ඇඳේ ඇල උනේ මට මහ අමුතු මූසල හැඟීමක් දැනුන නිසා. ඔහේ එක එක ඒවා කල්පනා කර කර හිටපු මට පැයකට විතර පස්සෙ නින්දක් යාගෙන ආවත් ඩෝ බෙල් එක රින්ග් වෙනවා ඇහිලා ඇහැරුනේ මේ වෙලේ කවුද කියල හිතන ගමන් මම ගිහින් දොර අරිනකොට. ඒ හිටියේ හොටෙල් සර්විස් එකෙන්.

" සර් අටට මේ රූම් එකට ඩිනර් එක යවන්න කියල ඕඩර් එකක් ආවා. "

" ඈහ්හ්.."

" ඔව් සර් අර සර්ත් එක්කම පහු ගිය ටිකෙ හිටපු සුදු උස සර් තමා යනකොට කියල ගියෙ..ආහ්..ආය මේකත් සර්ට දෙන්න කීවා. "

මට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නකොට ඒ රූම් බෝයි හතරට පහට නමපු කොල කෑල්ලක් එයාගෙ සාක්කුවෙන් අරන් දුන්නෙ මම කන්ෆියුස් වෙලා බලන් ඉන්නකොට.

' මගෙත් එක්ක තරහ උනාට කමක් නෑ කෑම එක්ක තරහ වෙන්න එපා...'

ඒකෙ ලියල තිබුන එක දැක්කම මට හිනාවක් ගියේ මොන දේ උනත් ආදී කොච්චර possessive ද කියල හිතිලා. ඒත් එක්කම මම උත්තරයක් දෙනකන් බලන් ඉන්න රූම් බෝයිටත් යන්න කියල මම කෑම එක අරන් ගිහින් කන්න ගත්තෙ ඒ වෙද්දි ඇත්තටම මට ලොකු බඩගින්නක් තිබුන නිසා. කාල ඉවර වෙලා තව පැයක් විතර ඔහේ ගේම් එකක් ගගහ හිටපු මට ආයෙත් නින්දක් යාගෙන ආවත් ඒ නින්ද දෙපිටින් ගියේ ෆෝන් එකේ වැටුන වෙලාව දැක්කම.

10.23 .. දහයයි විසිතුනයි.. ඇයි ආදී මෙච්චර පරක්කු..එයා කීවෙ ඉක්මනින් එනවා කියල නේ..
මගේ තරහ පිරිමහන්නත් එක්ක පරක්කු වෙනවා ඇති කියල හිතුනත් ආයම මම ආදීට මැසේජ් එකක් දාන්න හිතුවේ අඩුම එන්න පරක්කු හේතුවවත් අහගන්නවා කියල හිතා ගෙන. මැසේජ් එකට දහයක් යැව්වත් ඒ එකකටවත් රිප්ලයි එකක් තියා අඩුම සීන් කරලවත් නැති කොට මම එහෙම්ම චමිත්ට මැසේජ් එකක් දාන්න ගත්තෙ මොන දේ උනත් ආදී කියන්නෙ එයාගෙ අයගෙ මැසේජ් වලට කොච්චර කොහොම වැඩ තිබුනත් රිප්ලයි කරන කෙනෙක් නිසා.

' මචං ආදී ලඟ ඉන්නවා නම් කියහන්කො පොඩ්ඩක් මගේ මැසේජ් සීන් කරන්න කියල . '

Chamith
Calling 📞

මැසේජ් එක සීන් වෙනවත් එක්කම අනිත් අතට ආවේ චමිත්ගෙන් කෝල් එකක්.

METANOIA Part I ( Sinhala BL ) CompletedWhere stories live. Discover now