කඳුළැලි - 08

1.5K 316 62
                                    

මෙහන්සාගේ පන්තිභාර ගුරුවරිය ඉදිරිපිට සිටගෙන සිටියදී මට දැනුණේ නොසන්සුන් බවකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහන්සාගේ පන්තිභාර ගුරුවරිය ඉදිරිපිට සිටගෙන සිටියදී මට දැනුණේ නොසන්සුන් බවකි. ඇය දිගින් දිගටම පැවසුවේ මෙහන්සාගේ අවධානය පන්ති කාම‍රයෙන් නිතර ගිලිහී යන බවයි. 

'මට මේ ළමයින්ගේ අම්මටයි තාත්තටයි එන්න කියන්න විදිහක් නෑ, ඒ දෙන්නටම වැඩනේ. ඒත් බලන්න මිනිරු පුතේ ඔයාගේ නංගි පන්තියේ කියන කිසි දෙයක් අහන් ඉන්නේ නෑ. පහුගිය වාර දෙකේම මේ ළමයා හොඳට හිටියා. හොඳට වැඩ කළා. ලකුණු තිබ්බා. දැන් නෝට් එකත් ලියන්නේ බාගෙට. මොකක්ද මේ එක පාරට වුණේ?' 

මේසයේ අනෙක් කොණේ සිටගෙන සිටි මෙහන්සා බිම බලාගත්වනම පසු වූවාය. ඇයගේ මුහුණේ වූ වෙහෙසකර බව ගුරුවරියගේ අවධානයට යොමු නොවන්නට ඇතැයි මම අනුමාන කළෙමි. නිවසේ වාතාවරණය දිගින් දිගටම ඇයව හිර කරමින් තිබිණි. මට ඇයට උපකාර ලෙස කළ හැකි කිසිවක්ද නොවූයෙන් මමද අසරණව සිටියෙමි. 

'මම එයාට කතා කරන්නම් මිස්.' මම පැවසුවේ ගුරුවරිය තව තවත් මොනවාදෝ පවසන්නට වූ විටයි. මට මගේ කන් වල ඇඟිලි ගසා ගැනීමට පවා සිතුවිල්ලක් ඇති වුණත් මමද මෙහන්සා මෙන් හිස නවාගෙන ඒ සියල්ල අසා සිටියෙමි. 

අවසානයේ එය අවසාන වූ විට මෙහන්සාට හා මට ඇගේ පන්ති කාමරයෙන් එළියට පැමිණීමට ඉඩ ලැබිණි. අපි දෙදෙනා නිහඬව එළියට පැමිණ විට මම දිගු සුසුමක් ගත්තෙමි. 'හම්මෝ...' 

මෙහන්සා ඇගේ ඇඟිලි තුඩු වලින් මගේ අතක් අල්ලා ගත්තාය. 'සොරි...' 

මම ළය පුරාවට ගත් සුසුම පිට කළෙමි. 'ඒක අමතක කරන්න. අපි ගෙදර ගිහින් කතා කරමු...'

මෙහන්සා නිහඬවම මගේ අත අත හැරියාය. මට ඇයව තේරුම් ගැනීමට අපහසු විය. ඇය ඇය වටාම යම් ආවරණයක් ගොඩ නගාගෙන ඇයව අප අතරින් වෙන් කරමින් සිටියාය. නිවසේ සිදුවන සියල්ල ඇයට අපහසු වෙමින් තිබූ බැවින් ඒ සඳහා ඇයට වරදක් කීමටද නොහැකි විය. අප දෙදෙනා නිහඬව ශිෂ්‍ය නායක කාමරය වෙත පිය නැගුවෙමු. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now