29 - සමාව ගැනීම

928 184 44
                                    

Black Eyes Season Two....

Hiru's POV🍁

" උඹ....????"

මගේ ඇගේ ලේ ටික පිච්චිලා ගියේ සුද්දායියව දැකලයි....
ඌ මගේ ගෙදර මගේ අම්මා අප්පච්චි අයිති කරගෙන මදිවට  මම කලින් අභී එක්ක එකට ඇදපු බතික් සරමත් ඇදගෙන .. මට කේන්තීයි.. ඌ පුතා විදියට මට අයිති සේරම අයිතිවාසිකම් බුක්ති විදිද්දී මම පැනපු ගමන් සුද්දගේ බෙල්ලෙන් අල්ල ගත්තා..

" අතෑරපං හිරුවෝ.....අප්පච්චි බලලා ඉවර වෙලා වලි දාගනින්... දැන් ඉවසපං..."

නෙතුම් ඉක්මනින් පැනලා මාව සුද්දා ගාවිත් ඇදලා ගත්තට මම ඌ ඇදලා ගන්න කලින් අරූගේ මූන සමතලා වෙන්න කම්මුලට මිටි මොළවලා පාරක් ගැහුවා...

" ආහ්...........!!!"

මගේ පාරේ සැර වැඩිකමට සුද්දා කෑගහද්දී චුට්ටි අඩාගෙන දුවලා මගේ කකුල් දෙක ගාව දණ ගැහුවා...

" අනේ මැණික් අයියේ එයාට ගහන්න එපා.... අපිට සමාවෙන්න.. අපි අයියගේ මේ ගේ ඉඩම ආපහු දෙන්නම්... "

" අහ්... ඒ කියන්නේ උඹලා මේක දැනටමත් ලියාගෙන ද..?"

කේන්තියට මාව වෙව්ලන්න පටන් ගත්තා..  නෙතුම් මාව තද කරලා අල්ල ගත්තත් මගේ කකුල් චුට්ටිට ගහන්න ඉස්සෙද්දී මට මතක් උනේ ඒකිගේ දරු දෙන්නා ගැන.. අනික බඩ දරු අම්මෙක්ට ගහලා මම පව් පුරවගන්නේ නෑ..  සේරම බල බලා අම්මා අඩද්දී ආපු කේන්තියට අම්මට පේන්න මම පැත්තක හිටපු අභීව ඇදලා බදාගත්තා.. ඇත්තටම මට ඕනි උනේ කේන්තිය පාලනය කරගන්න.. ඒකට හරියනම බෙහෙත මගේ රන් බබා.... මම එයාගේ උණුසුමට ගුලි වෙලා මගේ නහරයක් ගානේ දුවපු කේන්‍තිය ඇස් පියාගෙන  අඩු කරගත්තා..  මට දැනුනා පපුව පිච්චි පිච්චි තිබ්බ කේන්තිය නිවිලා යනවා..
එයා මාව සනසන්න වගේ මගේ පිට අතගෑවා.. මේ ලෝකේ මාව හොඳටම තේරුම් අරගෙන ඉන්න දෙවෙනි හදවත මගේ රන් බබා.. එක නෙතුම්.. මොකද ඌ අභී සම්බන්ධ දේවල්වලදීත් මං ගැන හොඳටම අදුරනවා..

" හිරුවා........යමන් බන්.. ගිහින් එමු.. "

ආපහු නෙතුම්ගේ කටහඩ මගේ ඇහෙද්දී අභී මගේ ඔලුව අතගෑවා...

" බය වෙන්න එපා හිරූ.. අප්පච්චි හොඳින්.. හැමදේම හොඳින් වෙයි බබා මං වෙනුවෙන් ඉවසන්න.. මං ආස නෑ ඔයා ඔහොම කේන්ති අරන් මූනත් නපුරු කරගෙන ඉන්නවා බලන්න.. ප්ලීස් ඒ නිසා ඉවසන්න... !"

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now