කඳුළැලි - 10

1.5K 314 118
                                    

සඳරුවනි අක්කාගේ නිවසේ වත්ත පුරාම අපි එක එක තැන්වල විසිරී සිටියෙමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සඳරුවනි අක්කාගේ නිවසේ වත්ත පුරාම අපි එක එක තැන්වල විසිරී සිටියෙමු. මෙහන්සා ෂනල්කගේ නංගි සමඟ සාලයේ සෝෆාවකට වී එකිනෙකා දෙස බලා සිටින ආකාරය දෙස මම බලා සිටියේ මේ මොන විකාරයක්ද යන සිතුවිල්ල ඇතිවයි. මොහොතකට වෙනත් සිතුවිලි මගේ සිත අරක් ගත් අතර මගේ මුවගට සිනහවක් නැගිනි. 

'ඇයි තනියම හිනාවෙන්නේ මිනිරු?' මගේ කන පිටුපසින් ඇසුණු සහේෂ්ගේ හඬ නිසා මම පියවි සිහියට පැමිණ ඔහු දෙස බැලුවෙමි.

'නෑ නිකන්. අර නංගිලා දෙන්නා ඉන්න දෙහා බලන් හිටියා.' මම කීවෙමි. සහේෂ් මගේ එහා පස වූ පුටුවේ හිඳගෙන ඔහුගේ පාදයක් දිග හැර මගේ උකුල මතින් තැබීය. මම ඔහුට රවා මේසය මත වූ බඳුනකින් මුරුක්කු ටිකක් ගෙන කටට ඔබා ගත්තෙමි.

'අපි සෙල්ලමක් කරමුකෝ...' පසෙක සිටි කවිඳු බෙරිහන් දුන් නිසා අපි සියල්ලන් ඔහු දෙසත් සඳරුවනි අක්කා දෙසත් බැලුවෙමු.

සඳරුවනි අක්කා මේසය මතින් බෝතලයක් අතට ගත්තාය. 'අපි ලොකු සෙල්ලමක් කරමු. හැබැයි ඉතින් පොඩි ළමයි දෙන්නව නම් ගන්න බෑ. මේක ආතල් එකට කරන්නේ... මම මේක කරන්න කට්ටියක් එනකන් බලන් හිටියේ.' 

සහේෂ් මටත් මම සහේෂ්ටත් බැල්මක් හෙලා ගත්තෙමු. බෝතලයක් දැකීමෙන් පසු අප සියල්ලන්ටම සිතුණේ එකම දෙය බව මට සියල්ලන්ගේ බැල්මවල් වලින් කිව හැකි විය. 

'හා... කරමු... මට ෆ්‍රී ඩ්‍රාමා ටිකක් බලාගන්නත් පුළුවන්. ' කවිඳු උඩ පනිමින් පැවසීය. අපි සියල්ලන් සාලයේ හිස් ඉඩක රවුමක් ලෙසින් වාඩි වූයෙමු. අපගේ මැද ප්ලාස්ටික් බෝතලයක් තබා තිබුණේ එය කැරකැවීමට සූදානම් කර තබාය. 

'ගේම් එක ගැන දන්නේ නැති අය ඉන්නවා නම්...' සඳරුවනි අක්කා ඇරඹුවාය. 'අපි මුලින්ම බෝතලේ කරකවනවා. බෝතලේ මූඩිය එල්ල වුණ කෙනා බෝතලේ කරකවපු කෙනා කියන දේ කරන්න ඕන. මේ අර කතාවල තියන ජාතියේ ගේම් එකක්. අපිත් ඉතින් ආතල් එකට කරලා බලමු. වැඩිපුර වල් නැති දේවල් කරන්න කියන්න හැබැයි.' 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now