ඉරිසියාව

368 57 98
                                    


උදේ පාන්දරම පුරුදු උනුහුමක් එක්කම අවදිවුන මම හිමින් ඇස් ඇරලා බැලුවා.
මගේ අහිංසක හුරතල්  කොල්ලා................
මාව තුරුල් කරගෙනම නිදි.නිදාගෙන ඉන්නකොට නම් කවදත් පොඩි එකෙක් වගේ.
නොදැනුවත්වම මට පොඩි හිනාවක් ගියේ ජූන් ඊයේ කරපු දේවල් නිසා.
මාස එක හමාරක් දවස් 45ක්........................
මම මේ උනුහුම නැතුව හිටියා.

ජූන් මගේ රත්තරන් මම ආදරෙයි ගොඩක්.කියාගන්න බැරි තරම්.
මම හිමින් මගේ ඇගිලි ජූන්ගේ කොන්ඩේ අතරින් ගෙනියන ගමන් එයාගේ handsome face එක දිහා බලාගෙනම හිටියා.
අනේ මම දන්නේ නෑ...
ඒත්  එයාගේ ඇස් එයාගේ straight nose එක...මම ආසම වලගැහෙන  පිරුණු කම්මුල් දෙක.....තරමක් දුරට fluffy lips.....

හිමින් සීරුවේ මට නොදැනිම  මගේ ඇගිලි එයාගේ මූන පුරාම දුවන්න අරගෙන. අන්තිමට නැවතුනේ ඒ තොල්වල.
ඊයේ kiss එකක් ඉල්ල ඉල්ල මුරණ්ඩු වුන එක මතක් වෙලා මට හිනා ගියා.

"ම්හ්ම්..........දැන්  හිනාවුනාට වැඩක් නෑ .ඔය අල්ලගෙන ඉන්න තොල් දෙක දුකින් ඉන්නේ......"ජූන් හිමිට ඇස් ඇරලා මාව තවත් තුරුල් කරගෙනම කිව්වා.

"හ්ම්......ඇත්තද? පවු ඉතින්.........
ම්ම්.....මොකද කරන්නේ දැන් ?"  මමත් එයා දිහාම බලාගෙන හුරතල් වෙවීම කිව්වා.

"කරන්නෙද?"

"හ්ම්..ඔව්?"

" ඉල්ලපු දේ දෙන එක තමා........" ජූන් ඔලුවත් පොඩ්ඩක් ඇද කරලා කිව්වා.අනේ අල්ලලා මිරිකන්න හිතෙනවා කම්මුල් දෙක.

"අනේ....බලන්නකෝ.....මගේ තොල්දෙක කම්මැලි කියනවා.බලන්න ඉතින්...." ටිකක් අවුස්සන්නම මමත් කිව්වා.

"හ්ම්......එහෙමත් එකක්ද?කමක් නෑ ......." ජූන් ටිකක් upset එකේ මගේ කොන්ඩේ අතගාන්න ගත්තා.

"බබා.....රූ......"

"ඇයි ඔප්පා......?"

"එපාවෙලාද?"

"මොකක්ද?" මම සනීපෙට වහගෙන හිටපු ඇස් දෙකත් ඇරලම ඇහුවා.

"මාව?" ජූන් ලොකු හුස්මක් පිට කරලා ඇහුවා.

" ජූ බබා...... මොනාද අනේ කියන්නේ ඔයා?
නැහැ මට මගේ කෝලාව එපා වෙන්නේ කොහොමද ?විහිලුවටවත් එහෙම කියන්න එපා ජූන්....එපා.............."මම ජූන්ගේ පපුව අස්සේ මූන හන්ගගෙන කිව්වේ දුකට කදුලු එක දෙක වැටෙද්දි.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now