𝐕𝐈𝐈𝐈

864 238 37
                                    

YiBo ගේ හිත රිද්දන්න කැමති නැති නිසා මං හැමදාම එයා දීපු hair band එක දැම්මා. අදත් ඉතින් වෙනසක් නැතටව මං ඒකත් දාගෙන hostel එකෙන් එලියට බහිද්දි කවදාවත් නැතටව hostal එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සේරම වගේ කඩිමුඩියේ එකාට එකා කියව කියව එහාට මෙහාට ගියා. ඒ හැම කෙනාම එයාලගේ ෆෝන්ස් වලට ඇගිල්ල දික් කරනගමන් කියෙව්වේ. පුදුමෙ කියන්නේ මේ හැමෝම හිටියේ පුදුමෙන් වගේ. සමහර කෙල්ලෝ තරහෙන් අඩිය බිමත් හැප්පුවා. මොන මගුලක් වෙලාද! කවුරු හරි මැරිලද?

"මට ඔය කෙල්ලව අහු වුනොත් ඒකිගේ කොන්ඩ ගස් එකින් එක ගලවනවා!"
"ඒ කෙල්ලගේ මූනක් පේන්නේ නෑනේ! Shit!!"
"අනේ මට බෑ!"

මොකක්! මොකද්ද වෙලා තියෙන්නේ? මාත් හොරාට වගේ අර කෙල්ලෝ කියවන ඒවා අහගෙන එලියට බැස්සේ ෆෝන් එකත් අතට ගන්න ගමන්මයි. Weibo එක පැත්තේ ගියානම් මොනාද උනේ කියලා හොයා ගන්න පුලුවන්. එහෙම හිතන් මං yuehua වලට යනකල් ෆෝන් එකේ උඩ පල්ලෙහා ගියා. අපේ producing section එකට ගිහාම වෙලා තියෙන දේ තිබ්බ පලවෙනි අඩියෙදිම මට දැන ගන්න හම්බුනා. මං එද්දිම අපේ සෙට් එක ෆෝනුත් උස්සන් මගේ ඉස්සරහට දුවන් ආවා. එහෙම එද්දි මට ආයේ හැරිලා දුවන්නත් හිතුනා. ඇයි යකෝ මුන්ට එන විදිහට නිකමට හරි බ්‍රේක් වැදුන් නැත්තන් මාවත් යට කරන් යනවා.

"Zhan! Zhan!! ඔහොම ඉන්න! මේ බලන්න වෙලා තියෙන දේ!"

"මොකද්ද?"

"ඔයා දන්නවා ඇතිනේ නේද!!?"

"ඔයාට YiBo මේ ගැන මොනාම හරි කියලා ඇති නේ?!"

"මොකද්ද වෙලා තියෙන්නේ!?"

මොන මගුලක්ද වෙලා තියෙන්නේ? මේකට YiBo ව ගෑවිලද? ඒ පාර මොකද්ද! YiBo ව ගෑවිලා තියෙන්නේ කොහොමද?

"ඇයි අනේ YiBo ගේ affair එක ගැන!"

"මොකක්! "

" ඔව් අනේ...! ඔය දෙන්නා යාලුවොනේ! එයා ඔයාට කියලා ඇතිනේ ඒක ගැන"

" කව්ද ඒ ගෑනු ළමයා!? Zhan කියන්නකෝ!! "

මොකක් YiBo ගේ affair එක! මං එහෙම එකක් දන්නේ නෑනේ! කවද්ද එයාට කෙල්ලෙක් හිටියේ? එයාට ඩේට් කරන්න පුළුවන් ද? කෝකටත් කියලා මම මෙතන ඉන්න එකෙක්ගේ ෆෝන් එකකට එබුනා. ඒ පෝස්ට් ටික දකිද්දී ඉබේටම මගේ අත් දෙක මං අමාරුවෙන් වවා ගත්ත මගේ ලස්සන දිග කොන්ඩේ වටේට එතුනා. අනේ මගේ කොන්ඩේ!!! ඒ හැම ෆෝටෝ එකම YiBo එක්ක ඉන්නේ මම!! මේ ඔක්කොම හොරෙන් ගත්ත ෆොටෝස්. කවුරු හරි අපි දෙන්නා ගිය හැම තැනකටම ඇවිත් අපේ ෆොටෝස් හොරෙන් ගහලා!

My Bestfriend (Completed) Where stories live. Discover now