ආයිමත් දවසක..07

1K 191 15
                                    

ආයිමත් දවසක...07

මල ගෙදර වැඩ ඔක්කොම අයියයි අක්කයි එකතු වෙලා කරද්දි යශිර හැසිරුනේ රොබෝ කෙනෙක් වගේ...
අයිය කිය්න දේවල් ඒ විදිහටම කරල දුන්න මිසක් අතනට යන්න කියද්දි යන එකයි මේක කරන්න කියද්දි ඒක කරන එකයි හැරෙන්න යශිරට වෙන දෙයක් කරේම නැති තරම්....
යශිරගෙ අයියට යශිර ගැන බලන්න ලොකුවට වෙලාවක් තිබ්බෙත් නැ මොකද එයාත් යශිර තරමටම මානසිකව වැටිල ඉදියෙ..

මල ගෙදර වැඩ ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරල මිනී පෙට්ටි තුනම කනත්තට අරගෙන යනකම්ම යශිර ඇස් වලින් කදුලක් වත් හෙලන්නෙ නැතුව ඒ වැඩ ටික කරා... ඒත් සොහොනෙදි අන්තිම වතාවට මිනී පෙට්ටිය ඇරල අවසන් ගෞරව දක්වන්න කියල කියද්දි යශිරට ඒක තවත් දරාගන්න පුලුවන් උනේ නෑ.. එයාට දැනුනෙ ජීවිතේ එක කොටසක් ගලවල දාල එයාගෙන් ඈත් කරල වගේ..

අඩුම ගානෙ කතා කරගන්න වත් අඩන්න වත් බැරි තරමට එයා දුකෙන් මිරිකිලා ඉදියා..
අම්මගෙයි තාත්තගෙන් සුදු අන්දල තියන මිනීදෙක දිහා ටිකක් බලන් ඉදල ජීවිතේ පුංචි කාලෙම ඉදල හැම මොහොතකම හෙවනැල්ල වගේ ලගින් ඉදපු අනූශිගෙ මිනිය දිහා බලද්දි යශිරට එක පාරටම දැනුනෙ කවුරු හරි සීතලෙන් ගල් උනු අතකින් එයාගෙ පපුව තද කරල මිරිකනව වගේ..

ඒ වේදනාව තදින්ම දැනෙද්දි එයා ලග ඉදපු අයියගෙ අත තද කරල අල්ල ගනිද්දි එයාට දැනුනා ඇස් බොද වෙලා නිලන්කාර වෙනව...
ඒත් එක්කම දෙවනි පාරටත් එයා කලන්තෙ දාද්දි අයිය පැනල යශිරව අල්ල ගත්තා...

" මල්ලි... සුදු.. මොකද මේ...මල්ලි.."

..................................................................

අයිය කලන්තෙ දාල වැටෙන්න ගිය යශිරව අල්ල ගන්ද්දි මල ගෙදර ඉදපු දෙතුන් දෙනෙක් එකතු වෙලා යශිරව නවත්තල තිබ්බ් වාහනයක් ලගට අරන් ගියා...
වාහනේ තිබ්බ වතුර බෝතලයක් අරගෙන යශිරගෙ මුනෙ වතුර ටිකක් ගෑවත් යශිරට සිහිය එන පාටක් තිබ්බෙ නෑ..
ඒ නිසාම කට්ටිය කතා වෙලා යශිරව හොස්පිටල් එකට අරන් ගියෙ යශිරගෙ අයියවට මලගෙදර වැඩ ඉදර කරලම එන්න කියන ගමන්..

...........................................................

භූමිදාන වැඩ ටික යශිරගෙ අයිය ඉවර කරද්දි යශිරගෙ යාලුවො දෙන්නෙක් යශිරව එක්කන් ගිය හොස්පිටල් එකට ගියා..

ආයිමත් දවසක .Where stories live. Discover now