11.ඉල්ලීම🙏

1.3K 221 58
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරී
ඔබ දැකගන්න ලැබුනොත් යළී....

නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත් වෙන්න මට ඒ ඇතී....

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා...

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා.....

වාව ගන්නා වාරු හොයනා....
ගිලන් හදවතකට....
ආස කරනා ප්‍රේමෙ පෙරදා .....
දුන්නෙ යළි ගන්නද.....

අන්සතු ඔබ තරම්....
ලෙංගතු හදවතක්....
අමතක වෙන්නෙ නෑ කිසිමදා....

මට ඔබ නැති හෙටක්.....
නොගෙවෙන කල්පයක්......
එය මට වැඩිය ඔබ දන්නවා.....

දෛවෙ ලියලා තිබෙන හින්ද.....
ඔබව වෙන කෙනෙකුට.....
නිහඩ වීලා නැවත හැරිලා....
යන්නෙ මං කොහොමද ......

අන්සතු ඔබ තරම්....
ලෙංගතු හදවතක්.....
අමතක වෙන්නෙ නෑ කිසිම දා....//
.
.
.
ඉතිං නිදාගන්න කියලා හදද්දිම දුල්මිණගෙ කටහඩින් කියපු ඒ සිංදුව නිසා ඇත්තටම මට එයා ගැන ගොඩාක් දුක හිතුණා....ළං වෙන්නත් බැරි ඈත් කරන්නත් බැරි බැදීමක මං අතරමං වෙලා....එයාව රිද්දන්න මට කිසිම උවමනාවක් නෑ වගේම එයාට ආදරේ කරන්නත් මට පුලුවන්කමක් නෑ...මම දන්නෙ නෑ ...මට තේරෙන්නෙ නෑ.....දිගින් දිගටම එයා ඒ සිංදුවම  ගිටාර් එක ගහන ගමන් කියද්දි ඒ කටහඩ ගොඩාක් හැගීම්බර වෙලා වගේ මට දැණුනා....දුල්මිණගෙ කටහඩ ගොඩාක් ලස්සනයි ...මෙච්චර කාලෙකට මම අද තමයි එයාගෙ කටහඩින් සිංදුවක් ඇහුවෙ....ඉතිං එයා ඒ සිංදුව කියන්නෙ මටම කියලා තේරුණත් ඒ දේ නොතේරුණා වගේ මම හාන්සි වෙලා ඇස් පියාගත්තා....එයාගෙ සිංදුව ඇහෙන එක ටික ටික අඩුවෙලා මගේ ඇස් පියවිලා යද්දි මගේ ඇස් ඉස්සරහා ඇදිලා මැකිලා ගියේ අර අලු ඇස්......
.
.
.
.
.
.
.
.
.
Ringing 📲📲📲 .........

.
.
.
හොද නින්දක හිටපු මං ගැස්සිලා ඇහැරුණේ 4n එක ring වුණ නිසා....අපහසුවෙන්ම ඇස් ඇරලා වෙලාව බලද්දි තමයි දැක්කෙ පාන්දර පහයි කියලා....ඉතිං කතා කරන්නෙ කවුද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැති වෙද්දි අදත් මගේ දවසම විනාස කරන ගමන් හිතුවා වගේන රුක්ෂාන් line එකේ හිටියා......
.
.
.
"හෙලෝ........"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now