12.රැවටීම 💔

1.3K 235 59
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
" ස්ටීවන්......මේ ඉන්නෙ මගේ එකා.......අවිනාශ්......ඩීල් එක යන්න ඕන මුගේ නමට....මගේ නමක් ගෑවෙන්න බෑ......."

දෙවියනේ මේ මිනිහා මොකද්ද කරන්න යන්නෙ.....ඌ මාව බිල්ලට දෙන්න නේද හදන්නෙ......ශිට් තිරිසනෙක් කිව්වට මූ ඊටත් අන්තයි බලන් ගියාම.....මුකුත් නොදන්න අහිංසක මාව මේ නරා වලට ඇදගත්තා මදිවට දැන් මුගේ නමට කරන අපරාධත් මගේ නමට දාන්නයි හදන්නෙ.....මං මුකුත් කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙද්දි අර බල්ලා බලෙන්ම මාව අර ස්ටීවන් කිව්ව මිනිහා ළගට තල්ලු කළේ උඹ වරදක් කරොත් උඹගෙ මුලු පවුලම විනාස කරනවා කියලා මට warning එකකුත් දීලා ....

පවුල ......මාව අතෑරලා දැම්මත් ඌ හොදටම දන්නවා මාව අසරණ වෙන එකම තැන ඒක කියලා ....ඉතිං අදත් ඌ ඒ තුරුම්පුවම පාවිච්චි කරලා මාව අර මිනිහා ළගට යවද්දි නොපෙනෙන දෙවියන්ගෙන් මං අයැදුවා මාව බේරගන්න කියලා .....වැඩක් නෑ මගේ පිහිටට කිසිම කෙනෙක් නෑ....මං රුක්ෂාන් කියන එකාගෙ වහලෙක්.....අවසානෙදි උන් මගේ නම දාලා ඩීල් එක Close කරද්දි මුකුත්ම නොදන්න මට වුණේ මගේ අත්සන ඒකට දෙන්න....ඉතිං ඒ ඩීල් එක මගේ නමින් ජාත්‍යන්තරයට යද්දි මහා අපරාධකාරයෙක් බවට මාවත් ඉබේම පත් වුණා....

උන්ගෙ හැම වැඩක්ම ඉවර කරගත්ත ගමන් හැමෝම ඉක්මනටම එතනින් විසිරිලා ගියා.......අන්තිමට රුක්ෂානුත් මාවත් ඇදගෙනම වාහනේට ආවා.....

"ඔන්න උඹ අද කලබලයක් නොකළ නිසා උඹ අද කලින්ම යවනවා....නැත්නම් මං හිටියෙ උඹව අද රහ බලන්නමයි 😋.......හැබැයි ඔන්න හෙට නම් උඹව ඕන 😋😋😋......"

මගේ කන ළගටම පාත් වෙලා අසික්කිත විදියට තොළකට ලෙවකන ගමන් ඌ එහෙම කියද්දි අප්පිරියාවටම මං අහක බලාගත්තා....Driver ඉන්න නිසා ඌ මට මුකුත් කරන්න පෙළඹෙන්නෙ නැති බව දන්න නිසයි ඌ අද මට මුකුත් කරන්නෙ නෑ කිව්ව නිසයි මං  වීදුරුවට ඔලුව ගහන් ඇස් පියාගත්තා....

මෙච්චර කල් මං ගෙවපු ජීවිතේ ගැන චිත්‍රපටියක් වගේ මැවිලා පෙනෙද්දි නොදැනීම මගේ ඇස් වලින් කදුලු වැටුණා....ඒත් එක්කමයි මට දුල්මිණව මතක් වුණේ.....එයා අද මට යන්න එපා කියපු එක ,එතකොට සමාවෙන්න කියපු එක ....ඒ හැමදෙයක්ම සලකලා බැලුවම මට හිතුණෙ දුල්මිණ හැමදෙයක්ම දැනගෙන ඉදලවත්ද කියලා ....ඒත් එහෙම දෙයක් වෙන්න විදියක් නෑ ...මේ මගේ මනස්ගාත වෙන්නැති කියලා හිතලා මං ආයෙමත් ඇස් පියාගත්තා......

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now