HIKIZ 9

1.6K 331 58
                                    

'' චූටි.. '' සහන්ස දොරත් ඇරගෙන ගේ ඇතුළට කඩා වැදුනා... සාලේ ලයිට් දාලා ඒත් කවුරුත් නෑ... බිග් මැච් එකේ මහ හය්යෙන් බේස් ඩ්‍රම් එක වැදෙනවා ගානයි සහන්සගේ හාට්ටුව... බුං ඩුඩුං කියලා වැදෙනවා...

'' ලොකු අය්යේ.. පොඩි හදිසියක්.. ඔයා ඉස්සෙල්ලා පරිස්සමින් ගෙදර එන්නකො... '' චූටිගේ කෝල් එක ආවේ සහන්ස බස් එකට නගින්න ඔන්න මෙන්න ඉදිද්දි... එතන ඉදන් මෙතනට එනකං මිනිහා පියෑඹුවේ නෑ විතරයි.. ඔය දැනුත් පඩිපෙළ නැග්ගේ බාගෙට පියාඹගෙන තමා...

'' මොකද උනේ ? '' සහන්ස හති දදා ඇහුවේ කාමරේ දොර වහගෙන එළියට ආපු සතීශ්ගෙන්.. සතීශ්ගේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වෙලා.. මුගෙන් නං මේ කපේට උත්තරයක් ගන්නවා බොරු කියලා එයාටම කියාගත්ත සහන්ස දොරත් ඇරගෙන ඇතුළට ගියේ සුළිකුණාටුවක් ගානට...

'' මොකක්ද ඒයි කනවකො.. '' චූටි කෙයාන්ට කියනො සහන්සගේ සවනේ යාන්තං පතිත උනා... කෙයාන් ? .. සහන්ස කලබලෙන් හෙව්වේ කෙයාන්ව.. ඇද උඩ වාඩිවෙලා කොට්ටේ උඩින් මූණ තියාගෙන ඔහේ ඉදපු කෙයාන් සහන්සව දැක්කම අතත් වනලා පොල් දත් දෙකත් දාලා හිනා වුනේ සහන්සගේ බර ගාණකට උඩට නැගලා තිබ්බ බ්ලඩ් ප්‍රෙශර් ආයේ සාමාන්‍ය තත්වේට අඩු කරලා... නිකන් ඉන්න බැරුවට හාට් ඇටෑක් දෙනවාද මන්දා.. පිදුරු ගහ පිදුරුතලාගල කරලා කියනවා කියන්නේ මෙන්න මේකට තමා.. සහන්ස චූටිටත් රවලා ඇද උඩින්ම වාඩි වුනේ සතීශ්නුත් හෙමින් ආයේ කාමරේට රිංගද්දි..

'' මොකො මේ ? '' සහන්ස ඇද උඩින් වාඩි වුනේම කෙයාන්ගේ ඔළුවට අත තියාගෙන... ඇති රස්නෙකුත් නෑ... සහන්ස සැහැල්ලුවට හුස්මක් පිට කරලා කෙයාන්ගේ කොණ්ඩේ අතරින් හිමින් අතගෑවේ චූටිගේ අන්ත නෝන්ඩි හිනාව ගණන් නොගෙන.. සහන්ස ඔළුව අතගානකොට කෙයාන් ඇස් දෙක හිමින් පියාගත්තා මිසක් හ්ම් සද්දයක්වත් නෑ අද.. මොනා වෙලාද මේ කෝලමට ඒ පාර...

'' රෑට කාලාද ඉන්නේ ? '' සහන්ස ආයේ ඇහුවා.. ඒකටත් සීන් බට් නෝ රිප්ලයි වගේ කෙයාන් මුකුත්ම කියන්නැතුව අැදේ හාන්සි වුනේ අහුවුනු කොට්ටෙත් බදාගෙන...

'' මං සතීශ් අය්යාව යැව්වා මොනාහරි කඩෙන් ගේන්න.. '' චූටි කිව්වේ සතීශ් උගේ මහා ගමන නවත්තලා දොර ගාව හේත්තු වෙලා ඉන්නවා කියලා නොදැන..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now