🔞 2nd Bite 😳

1.8K 362 216
                                    

I Bite You In My Eyes... 😳 BONUS

යීබෝ ඩීන් සමගින් ආවේ ගුරු විවේකාගාරයට... බැලු බැලු අත හිටියෙම වයසක Lecturers ලා.. යීබෝගේ වයසට හරියන්න නම් කිසිම කෙනෙක් හිටියෙ නෑ.. Lady Lecturers ලා හිටියා.. එයාලත් යීබෝට වඩා ටිකක් වැඩිමහල් පාටයී.. ඉතින් එතනට ආව පුංචි එකා විදියට යීබෝ හිස නවලා සියල්ලන්ටම ආචාර කරා...

" එහෙනම් මිස්ටර් යීබෝ... ඔයා ඔයාගේ ටේබල් එකට යන්න... මිස්ටර් ශිං , ඔයා එහෙනම් ක්ලාස් එකට මිස්ටර් යීබෝව එක්ක යන්න... කරන්න තියෙන දේවල් හරියටම කියලා දෙන්න.. මොකද මේ එයාගෙ පලවෙනි පත්වීම..."

ඩීන් තවත් ගුරුවරයෙක්ට යීබෝව භාර දෙද්දී... යීබෝ ඉතා සුහදව වෙන්න ඕන දේවල් සේරම අහගන්න පැයක් පමණ ගත උනා...

..

..

🔺 අම්මෝ ජානා.. ඩෝන් ගාලා ගිහින් පම්ප් දැම්මට මොකද.. හෝදන්න ගියාම එපා වෙනවනේ ඕයී...

💎 හීක්...😁😁

🔺 අනේ මේ හිනාපාලයෝ... තෝ මගෙන් මැරුම් කන්න ඉතා ආසන්නයි හොදේ...

ශුවාන් ඇගිල්ලකුත් දික් කරන් බින්ට කිට්ටු වෙද්දි සියලු රණ්ඩු නිමා කරන සාම විනිසුරු කුවාන් ඇවිත් මැදට පැන්නා... දාගත්ත වලි වලට අමතරව මෙතන ආයෙමත් වලි දාගන්න ගියොත් වෙන්නෙ දවසෙම දඩුවම් කකා ඉන්න තමයී...

❤️ පන්තියට යමන් ඕයී... අරුන්ගේ මූණු ටික දකින්න ආසයී...

🔺 ඇයි බන් මට උන්ට කොච්චර ගැහුවත් ඇති කියලා නොහිතෙන්නේ...

ජාන්ගේ කරට උඩ පැනලා අත දාන ගමන් ශුවාන් කියද්දි ශාන් නක්කලේට හිනා වුනා...

🔴 ඇති කියලා බොට හිතෙන්නෙ හොද හෝටලේකින් කෑව දවසට තමයි...

චෙන්ගෙ කතාවට ලාවට තිබ්බ ජාන්ගේ නක්කල් හිනාව පුළුල්ව පැතිරිලා යද්දි කට්ටියම පන්තිය ඉස්සරහට ඇවිත් හිට ගත්තා.. ළමයි 75ක් වෙසෙන පන්තියේ මේ වෙලාවෙ පුදුම සද්දයක් තිබුනේ... කෙල්ලෝ රොත්ත එකට කඩේ දාන් ඉද්දි කොල්ලොත් පොඩි පොඩි කඩ දාන් හිටියේ..

🔺 Hi My Dr ගිරාපෝතකස්... දැන් සැපත....

පන්තියට යද්දිම ශුවාන් කෑ ගහන් යද්දි යන්ග් නහයත් අල්ලන් නැගිටිද්දි මිස්ටර් ශිං එනවා කියලා කෑ ගහගෙන ළමයෙක් ඇතුළට එද්දිම ඔක්කොම ළමයි සද්ද නැතුව වාඩි උනා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now