16.

497 103 7
                                    

" කොහොමද ,.........පොඩ්ඩක් ඉන්න අම්මා  !"
අවින් පුදුමෙන් කෑගසයි.

දිහස් ඇස් පොඩි කර අවීන් දෙස බලනකොටත් අවීන් සිටියේ දිහස් දෙසත් ඔහුගේ මව දෙසත් මාරුවෙන් මාරුවට බලමින්.

ඒත් සමගම වගේ කළු යතුරුපැදියක් ඔවුන් ළග නතර කළා. යතුරුපැදිකරු හිස්ආවරණය ගලවා ඔහුගේ දිගු ස්ට්‍ර්‍ර්ට් කොන්ඩය පිටුපසට කර දිහස් හා සිනාසුනා.

" කොහොමද චූටි "

" හොදයි...... "
දිහස් කෙටි පිලිතුරක් සමග සිනාවිය.

ඔහු අවුරුදු තිහක පමණ වියයුතුයි අනිවාර්යයෙන්ම , අවීන්ට සිතිනි.

" චූටී....... මන් යන්නම් , තාත්තට දැනගන්න තියන්න එපා , මන් ඔයාව බලන්න ආවා කියලා "

" හරි අම්මා......"

කාන්තාව යතුරුපැදියට ගොඩවිය. යතුරුපැදිය වේගයෙන් ඇදෙනවිට අවීන් තුළ ප්‍රශ්න දහසක් මැවෙමින් තිබෙයි.

" චූටි , ඔයාට පවුලේ අය කියන්නේ චුටි කියලද ? "
අවීන් දිහස්ගේ කොන්ඩට අවුල් කරමින් අසයි.

" ඔක්කොම අය නෙමේ "
දිහස් තරමක් වේගයෙන් ඉදිරියට ඇදෙයි.

" දිහස් ටිකක් හිමින් "
අවින් ඔහු පසුපස වේගයෙන් යාමට සිදුවිය.

ඇයි එච්චර වේගෙන් යන්නේ හරියට මගහැරින්න උත්සහ කරනවා වගේ

" ඒ මියූ අර බලනවකෝ අරූ පස්සෙන් යනහැටි..... "
ආශ්කාගේ මුවගට සිනාවක් නැගෙද්දි ඇය පාර දෙස ඇගිල්ල දිගුකලා.

" මොන?  "

" අර අනේ "
ඇස් තරමක් වෙහෙසවීමෙන් මියුමි දිහස්වත් ඔහු පසුපස කියවමින් යන අවීන්වත් පෙනෙයි.

" මාව කොනිත්තනවා , මාව කොනිත්තනවා  "
මියුමි ආශ්කගේ අතගැලවෙන්න තරන් හයියෙන් අදිනකොට ආශ්කා කැගහන්න වුනා.

" පිස්සුද බන් උබට "

" නෑ , මන් ජිවිතේට දැකලා නෑ අවි අරම පිස්සෙක් වගේ පස්සෙන් යනවා... "

" ඒකනේ මමත් නෑ "

දෙදෙනාම එක්ව අවීන්ට සිනහවෙයි.

දවසක තමන්ගේ හදවතට දැනන කෙනෙක් වෙනුවෙන් තමන්ට නොදැනිම තමන් වෙනස් වෙයි. එය සාමාන්‍යයි කෙල්ලනේ.....

One Day ( BL) (Onhold )Where stories live. Discover now