ආයිමත් දවසක...08

1K 192 15
                                    

ආයිමත් දවසක...08

" විශාල්ට කොහොමද අක්කෙ   ....."

යශිර අක්කගෙන් අහද්දි අක්ක යන්න ගිය ගමන් නතර කරල ඇවිල්ල යශිර ලගින් වාඩි උනා...

" විශාල්ගෙ අයිය මල ගෙදර ආව ඊයෙ... ඔයා එතකොට හොස්පිටල් එකේ..එයා කිව්ව විශාල්ව කොලබ හොස්පිටල් එකකට මාරු කරගත්තා කියල.. ඒ හැරෙන්න ලොකු වෙනසක් නෑලු මල්ලි...ඩොක්ටලනම් කිව්වලු දැන් නම් සීරියස් සිටුවේශන් එක අඩුයි කියල ඒත් තවම සිහිය නෑ මල්ලි.."

"කොහෙටද අක්කෙ එයාව අයිය ට්‍රාන්සර් කරල තියෙන්නෙ..."

" විශාල්ව කොහෙට ට්‍රාන්සර් කරත් ඔයා හෙට වෙනකම් ගෙදරින් දොට්ට බහින්නෙ නෑ.. එච්චරයි ...."

අයිය එක පාරටම කියන ගමන් යශිරයි අක්කයි ඉන්න රූම් එකට එද්දි යශිර ටිකක් ගැස්සිලා ඒ දිහා බැලුව...

" හරිදු...."

"කරන්න දෙයක් නෑ තිලිනි.. ඔයාට මන් කිව්වනෙ ඩොක්ට කියපුව... මේ අහන්න පොඩී  ඔයා ටිකක් ස්ටේබල් වෙනකම් ගෙදරින් දොට්ට බහින්න තහනම්..ඒ වගේම විශාල්ව බලන්න යන්න ලෑස්ති වෙන්න එපා..මන් දන්නව ඔයාට දුක ඇති ඒත් ඔයාට යන්න බෑ.. දැන් එන්න අපි කෑම කමු..ඔයාට බේත් බොන්නත් තියනව..
.............................................................

අයිය කිව්ව වගේම යශිරට ගෙදරින් එලියට යන්න වත් දුන්නෙ නෑ..
ඒත් එක්කම හත්දවසෙ දානෙ වැඩ කටයුතු නිසා එයාලට විශාල් ගැන ලොකු අවදානයක් දෙන්න පුලුවන් උනෙ නෑ...

ඒ නිසා දානෙ වැඩ කටයිතු ඉවර වෙලා යශිර මුලින්ම කරපු වැඩේ විශාල්ගෙ අයියට කෝල් කරපු එක

" හලෝ... බිනර අයියෙ...මම යශිර.."

"ආ ඔව්...කියන්න මල්ලියො...."

" අයියෙ... විශාල්.. විශාල්ට කොහොමද අයියෙ..."

"වෙනස්ක් නෑ මල්ලි... මන් මේ එයාව බලන්න යන්න හදන්නෙ..."

" කොහෙද අයියෙ එයා ඇඩ්මිඩ් කරල ඉන්නෙ ..මට එයාව බලන්න ඕනි...."

"හ්ම්ම්...විනාඩි දහයක් ඇතුලත ලෑස්ති වෙලා ඉන්න මන් එන්නම් ඔයාව ගන්න.. හරිදුලගෙ ගෙදර නේද ඉන්නෙ ඔයා..."

ආයිමත් දවසක .Where stories live. Discover now