ආයිමත් දවසක 09

1K 191 32
                                    

ආයිමත් දවසක.. 09


යශිර කටුබැද්දෙ හෝල්ට් එකෙන් බැහැල හවස අව්වෙන් බේරෙන්න හිතන් බස් හෝල්ට් එකේ තිබ්බ හට් එක ඇතුලට ගිහිල්ල කල්පනා කරේ බිනර අයියගෙ
මේ අලුත් වෙනස ගැන...

විශාල්ට වඩා විශාල්ගෙ අයිය ටිකක් වෙනස් කියල යශිරට දැනුනෙ එයාල දැන අදුරගෙන ටිකක් කල් යද්දි..විශාල් වගෙම බිනරත් ටිකක් සද්ද බද්ද නැති කෙනෙක්
විශාල්ටයි යශිරටයො වඩා බිනර අවුරුදු හතක් වැඩිමල් වෙද්දි බිනර යශිරගෙ අයියට වඩා අවුරුද්දක් බාල උනා..
විශාල් යශිරගෙ යාලුව වෙද්දි බිනරයි හරිදුයිත් යාලුවො උනත් ඒ යශිරයි විශාලුයි තරම් ඒ දෙන්න සමීප උනේ නෑ...

විශාල්ට වඩා ටිකක් උස  උනත් විශාල්ට ගොඩක් සමාන පෙනුමක් තමා බිනරට තිබ්බෙ කියල යශිරගෙ හිත කිව්ව.

යශිරගෙ කල්පනා ලොකෙ බිදිල ගියෙ එයාගෙ  ෆෝන් එක රිංග්ස් යනව දැනුන නිසා..

" හලෝ..."

"බස් හෝල්ට් එකේ නේද ඉන්නෙ..."

"ඔව් අයියෙ..."

"හරි මන් ඒ කිට්ටුව ඉන්නෙ..."

එහෙම කියට ෆෝන් එක කට් වෙද්දි යශිර ෆෝන් එක සාක්කුවෙ දාගෙන කොලබ පැත්තෙන් එන වාහන විහා බැලුවෙ බිනර අයියගෙ කාර් එක දුර තියා දකින බලාපොරොත්තුවෙන්.

ටික වෙලාවක් එන වාහන දිහා බලන් ඉදිපු යශිරට දුර තියාම බිනර අයියගෙ වාහනේ අදුර  ගන්න පුලුවන් උනා. ඒක නිසා එයා  බස් හෝල්ට් එකෙන් ටිකක් ඉස්සරහට ඇවිල්ල බලන් ඉදියෙ බිනර අයියට ලේසි වෙන්න...

කාර් එක බස් හෝල්ට් එකේ නතර කරද්දි යශිර ටක් ගාල ඒක ලගට ගිහිල්ල කාර් එක ඉස්සරහින් නැගල දොර වහ ගත්තා...
එයා සීට් බෙල්ට් එකත් දාගෙනම තමා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලා ඉවපු බිනර දිහා බැලුවෙ...

" හරි යමු..."

යශිර කියද්දි බිනර යන්තම් හිනා වෙලා කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා...

"මොකටද හදිස්සියෙ බෝධි යන්නෙ..."

කාර් එක පාර දිගේ ඉස්සරහට ඇදෙද්දි බිනර කතා කරන්න ගත්තා....

ආයිමත් දවසක .Where stories live. Discover now