15.මට හිමි තැන 💔

1.4K 232 64
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
.
කීයට නින්ද ගියාද කියලා මං දන්නෙ නෑ....උදේ වුණා වගේම මං ඇහැරුණේ කවුරුහරි දොරට තට්ටු කරපු නිසා..කම්මැලිකමෙන්ම නැගිටලා දොර ඇරපු මං දැක්කෙ මගේ ඉස්සරහා ඉන්න හැඩි දැඩි මනුස්සයෙක්...එයාව දැක්කම බය වුණේ නෑ කිව්වොත් නම් ඒක බොරුවක්....

" අවිනාශ් මහත්තයා විනාඩි ලෑස්තිවෙලා කෑම කාලා ඉන්න...මං විනාඩි 20න් ආයෙමත් එනවා මහත්තයව ගන්න....."

"කොහේ යන්නද...? ඔයා කවුද......?"

"ගියාම බලාගන්න මහත්තයා....ප්‍රශ්න අහන්න එපා....මේක හේෂාන් මහත්තයගෙ අණක්...."

"ඈහ් 😑......"

ඒ මනුස්සයා එහෙම කියලා මට මුකුත් නොකියම යද්දි මට හේෂ් එක්ක ඇතිවුණේ තරහක්...ඇයි දෙයියනේ මේ මිනිහා මට කිසි දෙයක් කියන්නෙ නෑනෙ 😑.....කොහොම වුණත් මෙහේ ඉන්නකම් එයාලා කියන විදියට ඉන්න ඕන...එතකොට මට කරදරයක් කරන එකක් නෑ.....

කල්පනාවෙන්ම මං barthroom එකට ගිහින් නාගෙන තිබ්බ හොද ඩෙනිමකුයි ෂර්ට් එකකුයි ඇදන් පහළට ආවා...ඒ එද්දි ඇලිස් කෑම මේසෙ ලෑස්ති කරලා තිබුණා....

"මහත්තයා කෑම කන්න...."

"හ්ම්ම්....."

මං කෑම මේසෙන් ඉදගත්තම තමයි දැක්කෙ දවල් කෑම ......හම්මූ....චිකන් කරියක්,ලූණු බැදුමක්,පපඩම්,කට්ලට්,චිලි පේස්ට් එක්ක කහ බත්.....කෑම ටික දැක්කම කෙල ගිලුණා හූම්ම් ....මේ කට්ටිය කන්න දීලා මාව බෝලයක් කරලා කාටහරි විකුණන්න වත්ද යන්නෙ 😳....සාධාරණ සැකයක් තියනවා දැන් නම් ඒ ගැන....කන්න හොද නෑ මේවා හූම් 😒 ........ඒ වුණත් ඉතිං මේ අවස්ථාවෙ හැටියට කෑම එක වෙනුවෙන් සටන පාවලා දෙන්න මං තීරණය කළේ එක දිගටම බඩේ ඉන්න හිගන්නො ටික දැනටමත් කෑම ඉල්ලලා උද්ඝෝෂනය කරන්න පටන් අරන් නිසා....ඔන්න ඔය නිසා විතරමයි කන්නෙ හොදේ හූම් 😒 ....මොනා වුණත් බොරු කියන්න ඕන නෑනෙ ඇලිස්ගෙ කෑම නම් පට්ට රසයි ....පෙරේත පාදෙන් කෑම පිඟන් දෙකක්ම කාපු මට උස්මුරුත්තාව වගේ හැදුණා....නැගිට ගන්න බැරි නිසා මං කළේ පුටුවටම වෙලා හිටපු එක....මෙන්න එතකොටම ඇලිස් ආයෙමත් මොකක්ද කප් එකක් උස්සන් එනවා....අමෝ අමෝ වටලප්පන් 😋.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now