🔞 8th Bite 😁

1.6K 312 133
                                    

I Bite You In My Eyes  😁

❤️ ටක ටක කර්නේ ලගා...හ්
ජියා ජියාරේ කර්නේ ලගා...හ්..

ටක ටක කර්නේ ලගා...හ්
ජියා ජියාරේ කර්නේ ලගා...හ්

ජාන් කෙලින්ම කැන්ටිමට නොයා පන්ති කාමරයට ගියේ තාලෙට හින්දි සිංදු කෑල්ලකුත් මුමුණ මුමුණ සිග්සැග් ක්‍රමයට ඇවිදිමින් විසිල් ගසමින්.. විටෙක කැරකෙමින්...

❤️ වාව්... දැන් නම් මන් ජීවත් වෙනවා වගේ දැනෙනවා...

කොල්ලා දොර ගාව ඉදන් එකායි දෙකායී තුනායී කියලා බෑග් එක විසික් කරලා දැම්මේ තමන්ගේ පුටුවට වැටෙන්න... පන්තියේ කවුරුත්ම නෑ... ජාන් ගිහින් යීබෝ පුටුවෙන් වාඩි වෙලා කකුලක් පිට කලුළක් දාගත්තා...

❤️ ඩැඩී ඉන්නකල් ජීවිතේ මල් වගෙ...  ආයීශ් ඉක්මනින් පන්තිය පටන් ගන්නෙත් නෑනේ යකෝ... ඩැඩියව ආයේ දකින්න... ඔන්න ඩැඩියෝ බබී අද ඔයාට ගේමක් දෙන්නයි යන්නේ...

යීබෝ පුටුවෙ වාඩි වෙලා තනියම කියවන අතරේ එකා දෙන්නා පන්තියට ආවත් කවුරුත් කිසිම දෙයක් නොකිව්වේ ජාන්ගෙ කට ගැන දන්න නිසා.. විශේෂයෙන්ම කෙල්ලෝ ජාන් එක්ක කතාවට එන්න ආස නෑ..

💎 හීක්....😁😁

ජාන් ගුරු පුටුවෙ වාඩි වෙලා ඉන්නවා දැක්ක යූ බින් දො‍ර ඉස්සරහම බ්‍රේක් ගහද්දි ඒ පිටිපස්සෙන් ගාල කඩන් ආව ශූයෑන් යූ බින්ගේ ඇගේ හැප්පෙද්දි ශුවාන් ගෙ නහය වැදුනේ යූ බින්ගේ ඔලු ගෙඩියේ...

🔻 මොන මගුලක්ද බම්ලෝ දොර ගාව ඉදන් කරන්නේ...

💎 තපස් රකිනවා උබත් එනවද...

🔻 අනේ තොගෙ තපස...

🔴 එහාට වෙයන් යකෝ... අම්මටසිරි ජානා ගුරු පුටුවේ වාඩි වෙලා අහවල් එකක් කරනවද...

චෙන් ජාන් ගාවට දුවලා ගිහින් අහද්දි ජාන් හිස වනලා තමන්ගෙ පුටුවෙන් වාඩි වෙද්දි කොල්ලො හය දෙනාම ජාන් දිහා බලන් උන්නා...

🍁 තොලට මොකක්ද බම්ලෝ උනේ...

❤️ වැටුනා.. තොල වැදුනා තුවාල උනා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now