කඳුළැලි - 16

1.4K 319 69
                                    

ෂනල්කගේ නිවසේ දින කිහිපයක් ගත කිරීමට ලැබුණු ආරාධනාව ඉවත ලෑමට නොහැකි වන තරම් හිසරදයක් තාත්තා විසින් මට ඇති කර තිබිණි. ඉතා කැමැත්තෙන් පාසල් බෑගයට ඇඳුම් කිහිපයක් දමා ගත් මම පොත් පත්ද රැගෙන ෂනල්ක සමගින් ඔහුගේ නිවස බලා ගියෙමි.

හොඳින් නඩත්තු කර තිබූ වත්ත සමග මනාව සැදූ නිවස වත්ත මැද නැගී සිටියේය. මම ෂනල්කගේ නිවසට යන විට ඔහුගේ අම්මා හා නංගි දෙදෙනා නිවස ඉදිරිපිට අප පිළිගැනීමට පැමිණ සිටියහ. ඔහුගේ මව ඉතා භයානක ලෙසින් තරුණ බවක් ඉසිලුවාය. ෂනල්කගේ මව යැයි කියනවාට වඩා ඇයට තිබුණේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය යැයි කිව හැකි පෙනුමකි.

ලා රෝස පැහැ මල් වැටුණු බ්ලවුසයකින් හා ලා නිල් පැහැති සායකින් සැරසී සිටි ඇය මාව පිළිගත්තේ උණුසුම් වැළඳ ගැනීමක් සමගිනි. ඇගේ උණුසුම හමුවේ මගේ දෑසට කඳුළු නැග එන්නාක් මෙන් දැනුණේ මගේ මව මා වසර ගණනාවකින් වැළඳගෙන නොසිටි බැවිනි.

ෂනල්කගේ තාත්තා වාහනයෙන් බැස මගේ පිටට තට්ටුවක් දමා නිවස තුළට යද්දී ඉතාමත් කෙටි ඩෙනිම් කලිසමකින් හා අත් කැපූ සුදු කමිසයකින් සැරසී සිටි යෙහෙනි විත් ෂනල්ක සමගින් මගේ මළු දෙක නිවස තුළට ගෙන ගියාය.

'ඔයාට මේ දවස් ටිකේ ඉන්න වෙන්නේ ෂනල්කගේ කාමරේ.' ඔහුගේ මව කීවේ මාව ඉහළ මාලයට මෙහෙයවන අතරේය.  'ඒකේ ගොඩක් ඉඩ තියෙන නිසා ඔයාට ඉඩ ඇති වෙයි කියලයි ෂනල්ක කිව්වේ. ඔය දෙන්නට වැඩ මැනේජ් කරගන්න බැරි වුණොත් මට කියන්න. මම ගෙස්ට් රූම් එක රෙඩි කරලා දෙන්නම් ඔයාට.'

මම හිස වනා සිනාසී කාමරය ඇතුළට පිය නැගීමි. කමිසයකින් තොරව කළු කොට කලිසමකින් පමණක් සිටි ෂනල්ක මා දුටු වහාම කළු පැහැති කමිසයක් ගෙන ඔළුවට උඩින් ඇද ගත්තේ මගේ මුවගට සිනහවක් නංවමිනි.

'දැකලා නෑ වගේ නිකන්.' මම විහිළු කළෙමි.

ඔහු රැවීය. 'ඇයි දැකලා තියෙනවද?'

මම උනන්දුවෙන් හිස වැනුවෙමි. 'දහය වසර වෙනකන්ම අපි දෙන්නා ස්විමින් ගියේ එකටනේ...'

ෂනල්ක සුසුමක් හෙලා මගේ මළු ඇඳ මතින් තැබුවේ අසල තිබූ අල්මාරියක් හිසින් දක්වමිනි. 'ඔයාට කැමති විදිහකට ඒකේ එක පැත්තක් යූස් කරන්න පුළුවන්. අනික් පැත්ත සම්පූර්ණයෙන්ම මගේ.'

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now