🔞 15th Bite 😊

1.3K 276 192
                                    

I Bite You In My Eyes

නිදහස් නිස්කලංක සති දෙකක කාලයක් ගෙවී යන්නට වුනේ හරිම සීරුවටයි... සෑම දිනකම උදෑසන ජාන් යීබෝගේ පපු මතින් අවදි වන්නේ යීබෝගේ හැගීමන් සියල්ල උදේම උරා බීලා යීබෝගේ දෙතොලෙත් මදක් එල්ලී ඉදලයී...

ජාන් පෙරට වඩා පාඩම් වැඩ සියල්ල හොදින් කරන්න පටන් ගත්තේ යීබෝ නිසාමයි.. යීබෝ ජාන්ට හැම අතින්ම සතුට සැනසීම දෙන්න පටන් අරන් තිබුනා මේ කාල සීමාව පුරාවටම... කොන්දේසි විරහිතව තමන්ගේ හැම හැගීමක්ම ජාන් වෙනුවෙන් දෙද්දි ජාන් ඒවට හිලව් වෙන්න හිතන් පාඩම් කෙරුවා...

තවත් සතියකින් ඇරබෙන්න නියමිත විභාග කටයුතු නිසාම යීබෝ මේ ටිකේම ළමයින්ට හැකි උපරිමයෙන් පාඩම් වැඩ කියලා දුන්නා.. කාමරේට ආවත් ජාන්ව මේසෙන් වාඩි කරන් පාඩම් කරවද්දී ජාන් බෑ කිය කිය නහයෙන් අඩද්දි යීබෝ කොල්ලව වඩාගෙන කාමරේ පුරාම ඇවිදින්නේ ජාන් යීබෝගේ කරේ ඉදන් පාඩම් කරද්දි...

ඒ වගේම මේ ගෙවුන සති දෙකට ජාන් පුදුම සතුටකින් උන්නේ...දුක කරදර කියන දේ පැනලා දුවද්දි හරි අපූරුවට සතුට කියන දේ කොල්ලව හතර අතින්ම වෙලාගෙන උන්නේ යීබෝ හා ඔහුගේ පවුල නිසා...

දැනට දින තුනකට කලින් යීබෝගේ ගෙදරින් කතා කරාට පස්සේ ආයෙම කතා නොකරේ යීබෝ ජාන්ට පාඩම් කරන්න දෙන්න කියලා කෑ ගහද්දි.. ඒකට නම් ඉතින් ගොඩක්ම දුක යෙන්ග්මීට.. කෙල්ල ජාන්ව දැක්ක දවසෙ ඉදන්ම කොල්ලට මල්ලි බබා.. බට්ටිච්චා.. චූටික්කා.. චූටී බබා ගාගත්ත ගමන්මයි..  ඒ අස්සෙ යීබෝගේ අම්මී.. එයාටත් ඕනෙම ජාන්ව පොඩ්ඩක් අවුස්සන්න වෙද්දි තාත්ති නම් හැමදාම කරේ හිනා වෙන එක විතරමයී.. එයා හැමදාම ඈත ඉදන් ජාන් එක්ක හිනා උනා.. ජාන්ට යීබෝ එක්කම පවුලක්ම ලැබෙද්දි ජාන් ඒ පවුලට අසීමිතව ආදරේ කරා...

මේ අතරේ මේ පාඩම් වැඩ නිසා හැමදාම එක වටයකින් නවතින්න උනේ රෑ 12ත් පහු වෙනකල් යීබෝ ජාන්ව පාඩම් කරවන නිසා..

❤️ මට බෑ ඩැඩී.. මගුල...

💚 ෂ්.... රං... විභාගෙ ඉවර උනාම ඇති වෙනකල් කරමු ඉතින්.. මුලින්ම විභාගෙ හරිද...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now