කඳුළැලි - 19

1.4K 325 64
                                    

අපි දෙදෙනා රාත්‍රියේ ඇඳේ වැතිර වහල දෙස බලා සිටියෙමු. මම‌ සෙමෙන් මගේ අත ඔහුගේ අතැඟිලි අතරින් පටලැවෙන්නට ඉඩ හැරියෙමි. ශනල්ක කිසිවක් නොකියා මෘදු ලෙස මගේ ඇඟිලි අල්ලා ගත්තේ දිගු සුසුමක් පිට කරමිනි.

'ශනල්ක...' මම මදකට පසුව මගේ හඬ අවදි කළෙමි.

'හ්ම්ම්?'

මම කෙළ ගුලියක් ගිල ගත්තේ ඊළඟට අසන්නට යන දේ ගැන දෙවරක් කල්පනා කරමිනි. 'ඔයාගේ අම්මා...'

'ඉතින්?' ඔහු විමසුවේ මම කිසිවක් නොකියා නිහඬව සිටි විටයි.

'එයා යෙහෙනිගේ අම්මා නෙවෙයි නේද?'

එක්වරම කාමරය තුළ පැතිර ගිය බියකරු නිහඬතාවය මගේ සිත එක්වරම බියටම පත් කළේ මම ඇසුවේ නුසුදුසු ප්‍රශ්නයක්දැයි සිතන්නට සලස්වමිනි.

'ඔයා කොයි තරම් දේවල් දැක්කද මිනිරු?' ශනල්ක සන්සුන් ලෙස විමසා සිටියේ මගේ ඇඟිලි මත තිබූ ග්‍රහණය වෙනස් නොකරමිනි.

'දකින්න ඕන නැති තරම් දේවල්...' මම දෑස් තද කොට වසාගෙන පිළිතුරු දුන්නෙමි.

'මට යෙහෙනිට කතා කරන්න ඕන...' ශනල්ක ඇඳෙන් නැගී සිටියේ මද වේලාවකට පසුවයි.

මම ඔහුගේ අතකින් අල්ලා ඔහුව නවතාලූයෙමි. 'එයා කිව්වා ඔයාට කියන්න එපා කියලා...'

ඔහු මා දෙස බලා සිටියේ මෘදු බැල්මකින් යුතු දෑසින්ය. තප්පර කිහිපයකට පසු හේ ඉදිරියට නැඹුරුව මගේ තොල් මතින් මෘදුව ඔහුගේ තොල් තද කළේ ඔහුගේ අතක් මගේ ගෙල පසුපසින් අල්ලා ගන්නා අතරේමය.

ශනල්කගේ නළ දත්වල පහස මගේ තොල්වලට දැනිණි. මම සිප ගැනීමට ප්‍රතිචාර දක්වන්ට තැත් කරද්දීම ඔහු සිප ගැනීම නතර කළේ ඔහුගේ දෙතොල මගේ නළල මතිත් තබමිනි.

'මිරූ...' ඔහු මෘදුව මා ඇමතුවේය.

මිරූ යනු ඔහු මට දැමූ අන්වර්ථ නාමයයි.

'ඇයි?'

'මට... ඔයාට මෙහන්සා නැති වුණා මගේ මට යෙහෙනිව නැති කරගන්න බෑ. එයා මගේ හැමදේටම වඩා වටිනවා.'

මගේ උගුරේ යමක් සිරවෙන්නාක් මෙන් මට දැනිණි. මම දෑස් තදකොට පියා ගත්තේ මෙහන්සාව හිසේ ඇඳීම වළක්වා ගැනීම සඳහායි. මගේ හිස ඇදුම් කන්නට යද්දී ශනල්ක මගේ හිස අතගාන්නට වූයේ මම ඔහුගේ පපුව මගේ කඳුළු වලින් තෙත් කරන්නට වූ විටයි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now