කන්න කන්න මාව කන්න...

227 51 132
                                    

Miyus' Pov
Namjoons' Wife

මං උදේම නැගිටලා ඩෝග් හවුස් එකට ගියේ එයාලට කෑම දෙන්න.. වගේම මට මේ දඟයෝ ටික බලන්න පුලුවන් හැමදාම උදේට විතරයි නේ.. එයාලා එක්ක ඉදලා මං වැඩි සද්දයකුත් නැතුවම කිචන් ඩොර් එකෙන් ඇතුළට ඇවිත් අපේ රෑම් එක ඇතුළට ගියා. එහෙම්ම වොශ්රෑම් එක ඇතුළට ගිහින් මං ක්ලීන් වෙලා එනකනුත් අප්පයි දුවයි හොඳට ගුලි වෙලා. ජුනි හොඳට නිදාගෙන ඉද්දි එයාගේ චෙස්ට් එක උඩ වෙනදා වගේම බෝලයක් වගේ හිටපු දේජි මොනවා හරි කරනවා වගෙ පෙනුන නිසා මං ළගට ගිහින් බලද්දියි දැක්කේ එයා එයාගේ අප්පාගේ නහය හිනාවෙවි බොනවා.

එයාලා හරිම හුරතල්.. ඉක්මනින් ෆෝන් එකෙන් පින්තූරයක් ගත්තටත් පස්සේ මං බෙඩ් එකට ගියා.

" අනේ... අනේ දේජි.. ඔයාට බඩගිනි ද.. ආ.. අප්පාගේ නහය කාලා හරියනවද..? "

" අ...හ්ම්මම.... "

මං හිමින් වගේ කියපු එකට පුංචි දේජි හිනාාවද්දි ජුනි කෙදිරි ගෑවා.

" දේජි.. කො ඔම්මා ගාවට.. එන්න ! "

" වේ...මියු.. "

" අහ්...ජුන් ඔය බලන්න දේජි ඔයාගේ නහය කනවයි බොනවයි.. තාම දත් නැති නිසා හොඳයි.. නැත්නම් නහය ගැළවිලා ආවොත්... ඒකටත් වඩා ඔයාගේ නහය කාලා දේජිට එයාගේ අමී සන්ග්මො එක්ක හොස්පිට්ල් යන්න වෙයිද දන්නෑ.. "

" හො..හොස්පිට්ල් මොකද..ඇයි කවුද..? "

නිදිමතේ හිටපු ජුනිට හරියට ඇහුනේ හොස්පිට්ල් විතරයි.. ඉතින් ඔන්න එයා එකපාරම ඇස් ඇරලා නැගිටින්න හද්දදියි එයාට තේරැනේ එයාව හප හප ඉන්න රෝස කෙල බෝලේ ගැන..

" ඕ...දේජියා පෙගුප්පෝයෝඕ... කෝ එන්න මගේ රෝස බෝලේ... අප්පාගෙ නහය ද බඩගිනි ආ... "

ජුනි දේජිව උඩට කරගෙන හග් කරගෙන කිති කවද්දි දේජි කෙල පෙරන් හිනාවෙන නිසා මං එයාගේ රෝසපාට සුවඳ ගහන නැපි එකක් අරන් එයාගේ මූණ පිහලා ජුනිගේ මූණත් පිස්සේ එයාලා හිනාවෙවි කෝලම් කරද්දි...

" මියු... ඔයා දේජිව ගන්න කො... මං ලෑස්ති වෙලා එන්නම්.. බඩගිනි පහළට ගිහින් කමු... "

BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now