chapter 1

1.1K 154 6
                                    

🌹 නාදියා...
මන් කියන එක අහපන් පොඩ්ඩක්..

❤ කියන්න ඉතින්..මන් අහගෙන ඉන්නේ..

🌹 ඔය වැඩේ නවත්තලා මන් දිහා බලනවා..

අයිශුගේ බෙරිහන් දිම නිසා මන් අන්තිමට මගේ වැඩේ නවත්තලා එයාගේ පැත්තට හැරුනා..ආහ් අයිශු කියන්නේ මගේ හොදම යාලුවා..පොඩි කාලේ ඉදන්ම අයිශු තමා මගේ හැම ගොන් වැඩකටම සපෝරට් එක දෙන්නේ..ඒත් අද නම් අයිශු මගේ ගොන් වැඩේ සම්බන්ධව බලවත් විරෝධය දක්වනවා..

ආහ් මන් ගැන කිව්වොත් මන් නාදියා සූරිබන්ඩාර.. ප්‍රදීප් සූරිබන්ඩාරගෙයි කිම් සේහිගෙයි වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්..එතකොට මගේ ට්විනා..මගේ අයියා නදීශ් සූරිබන්ඩාර..එයායි මායි දෙන්නාම ට්වින්ස්ලා උනාට මන් ඔම්මා වගේ..අයියා තාත්තා වගෙ..තෙරෙන භාෂාවෙන් කිව්වොත් මට තියෙන්නේ ඔම්මාගේ කොරියන් ලුක් එක..අයියා සම්පුර්ණයෙන්ම තාත්තාගේ ශ්‍රී ලංකන් ලුක් එක..

මොකද වදේ !! කියන්න තියෙන දෙයක් ඉක්මනට කියනවා..

මන් කර කර හිටිය වැඩේ නවත්තලා ඇදෙන් වාඩි උනේ අයිශු මගේ මූන කන්න වගේ බලාගෙන ඉන්න නිසා.

🌹 උබ මේ කරන්න හදන වැඩේ වැරදි කියලා උබට තේරෙන්නේ නැද්ද ගොන් වැස්සියේ...

❤ මොකක්ද දැන් මේකේ තියෙන වැරැද්ද ?? මන් කරන්නේ මගේ හීනෙට යන එකනේ..මගේ ඩ්‍රීම් බෝයිව බලන්න යන එක..

🌹 මේක අහපන් මෝඩ ගොන් තකතීරි මී වැස්සි..
උබට මෙච්චර නාන්න සල්ලි තියෙන එකේ ෆෑන් මීටින්ග් එකට ගිහින් ටේ ඔප්පාව බලලා එන්නේ නැතුව මොන බනානා ෆ්ලවර් එකකටද කියනවා කොල්ලෙක් වගෙ වෙස් වලාගෙන හයිබ් එකට යන්න හදන්නේ ??

❤ පලවෙනි කාරනය ෆෑන් මීටින්ග් එකකට ගිහින් තප්පර ගානක් එයාගේ මූන බලන් ඉන්න එක මට කරන්න බෑ..මට ඊට වඩා කාලයක් එයාගේ මූන බලන්න ඕන..
එතකොට දෙවෙනි කාරනය හයිබ් එකට කෙල්ලෙක් විදියට යන්න නම් මැරි කරලා ඉන්න ඕන...ඉතින් මේ හදිසියේ මට මැරි කරන්න කොල්ලෙක් හොයගන්න බෑනේ..ඒ නිසා මන්ම කොල්ලෙක් උනා..

🌹 උබ ගැන ඇත්ත දැන ගත්ත දවසට මොකද වෙන්නේ ??

❤ මේ අහපන්..මන් තාම ඉන්ටර්විව් එකට ගියේ නෑනේ..එකෙන් සිලෙක්ට් වෙයිද නැද්ද දන්නේ නෑ.. ඉතින් එකෙන් සිලෙට් උනොත් අපි බලමු මොකක්ද කරන්නේ කියලා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now