HIKIZ 10

1.8K 329 62
                                    

'' මොකද බං ඔය ?? '' වෙනදාට අතිබඩජාරියා වගේ තෝසේ බර ගාණකට වගකින සතීශ් හාවක් හූවක් නැතුව කෑම දිහා බලාගෙන භාවනාවේ නිසා කෙයාන් අන්තිමට මිමිණුවා... නුවර තියන තැන්වලින් ලස්සනම තැනක්...... දෙවොන්දරා සංගේ ලී කැටයම් කන්සෙප්ට්ස්වලට හදපු හයර් ක්ලාස් චයිනිස් රෙස්ටුරන්ට් එකක්...නම නොරිකො.. චයිනිස් රතු ලාම්පු කඩේ පුරාවට එළිය කළා....කඩේ චයිනිස් කියලා , ඉතාලියෙන් පටන් ගත්තම ඉතියෝපියාව වෙනකං කෑම ජාති හැම එකම තිබ්බා...  පය තියන්න තරම් වාසනාවන්ත නම් අනිවාර්යෙන්ම රිදී හැන්දක්වත් කටේ අරගෙන ඉපදුන එකෙක්ම තමා...

සේරම හරි කියමුකො.. දැන් මෙතන අස්පෙට් එක තමා , නහයෙන් පිඹින චූටි හාමුයි ඒක දැකලා දැක්කේ නෑ වගේ ඔළුව කසන සතීශ්කාරයයි... ඒ දෙන්නාගේ කෝලං බල බල ඉන්න උන කෙයාන් හතර වෙනි පාරටත් සහන්ස දිහා බලලා අරුන් දෙන්නාගේ ගැස්සිලි පිප්පිලි ටික පෙන්නුවා... වෙනදාට බඩජාරියා වගේ සේරම ගිලින සතීශ් අද අනිත් උන්ගේ කෑම දිහා හොරෙන් බලන බැල්මෙන්ම තමා පිපිරෙන්න ළග චූටි දිහා බලන්නෙත්.. කෙයාන් එයාගේ දෙවෙනි මෂ්රූම් සුප් එකටත් වග කියන ගමන් මේ ගැස්සිලි පිප්පිලි දිහා බලාගෙන.. සහන්ස නං තාමත් හෙන කල්පනාවක ...

'' චූටි සෝෂල් එක එනවා කිව්වා නේද ? '' වෙනදාට මහ හය්යෙන් කෑගහන හතර දෙනාම හාවක් හූවක් නැති තැන කෙයාන් ඇහුවා..

'' ලබන සතියේ.. '' චුටිගේ ගෑස් ඒ පාර කෙයාන්ටත්.. මේකි යකූ.. අනුකම්පාට පස්නයක් ඇහුවම.. හුහ්.. කොච්චර කේන්තියෙන් පුපුර පුපුර ඉදියත් චූටි අඩන්න ඔන්න මෙන්න කියලාත් කෙයාන්ට පේනො.. ඒ සේරටම වඩා හපන් සතීශ්... ඌ කෑම එක දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාවේ හොදම එක... චොප්සි එකේ කැරට් කැලි ගණන් කරනවාද මන්දා.. දැන් ඌ මුලින් අඩයිද චූටි මුලින් අඩයිද කියලාත් කෙයාන්ට ෂුවර් නෑ.. සේරටම හපන් උගේ ප්‍රේමබුංගලාජයා... ආණ්ඩුව පෙරලෙන්නේ නැති කොට ලෝකේ හෙට අනිද්දා පෙරළෙන ගානට සහන්සයාත් බර කල්පනාවක.. කොහේද නෑනේ කෙයාන්ගේ අරගලේට කිසි සපෝට් එකක්... හුහ්..

'' චූටි ,  බ්‍රැන්ඩි ටිකක් ඕන ද ? '' කෙයාන් ඇහුවේ චූටිට දෙන්නෑමයි කියලා ගත්ත බ්‍රැන්ඩි බෝතලේ දික් කරලා.. චූටිගේ මූණ සුදුමැලි පාට නිසාමයි මිනිහා එ්ක ඇහුවේ.. සහන්සයා නං කොහොමත් කටේ තියන්නෑ... චූටි ඔළුව වනන්නත් කලින් සතීශ් කෙයාන්ගේ අතේ තිබ්බ බ්‍රැන්ඩි බෝතලේ උදුරගත්තා.. කෙයාන් මුකුත් කියන්න කලින් මිනිහා සද්ද නැතුව චූටිගේ ග්ලාස් එකට මික්ස් කරපු බ්‍රැන්ඩි ටිකක් වත් කරනවා කෙයාන් බලාගෙන ඉදියේ එයාගේ කුප්ප ප්ලැන් එක වැඩ කරපු එකට හිතින් පාටි දාන ගමන්... ඔහොම යමං සතීශ්.. අන්න එහෙමයි දියුණු වෙන්නේ...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now