05🍂.

179 71 12
                                    

"වාව්...ඒක ලස්සනයි."

"ඔහ්.සර් අදත් ඇවිත්?"

"මේ...අර චිත්‍ර...?"

"ඒවා මගෙ යාලුවෙක් අදින්නෙ.සර් කැමතිද ඒකට."

"ම්ම්...ගොඩක්.මේක මං ගන්නවා.ඒත් අදම නෙමෙයි.ඔයාට පුලුවන්ද මේක වෙන් කරළා තියන්න මට."

"හොදයි එහෙනම් සර්ගෙ නම කියන්න පුලුවන්ද?"

"මං ජන්ග් හෝසොක්."











"හියුන් අදත් ඇවිත්."

"ඔව්.ඉතින් කොහොමද ඔයාට?"

"හොදින් ඉන්නවා හියුන්.මේ...මං ඔයාගෙන් දෙයක් අහන්නද?"

"ඔව් අහන්න ටේ?"

"ඇත්තටම මගේ කකුල් හොද කරන්න බැරි වෙයිද?කවදාවත්?"

ටේහ්‍යුන් කනස්සල්ලෙන් මෙන් හෝසොක් ගෙන් ඒ විදිහට අහනකොට ටේහ්‍යුන් ඉදිරියෙන් දණගසන් ඔහුගෙ පාදයක් ස්පර්ශ කළ හෝසොක්...

"මට ඔයාට ඒක එහෙමයි කියලා පොරොන්දු වෙන්න බෑ ටේ.ඒත් ඒක සාර්ථක වෙන්නත් පුලුවන්.අපි උත්සාහ කරළා බලමු."

"ඒකට ලොකු වියදමක් යයිද?ඒත් අපිට එච්චර..."

"ඔයාට ආසයිනේ ඉක්මනට සනීප වෙන්න?"

"ඔව්.ඉඑතකොට මට මගේ හියුන් එක්ක සතුටින් ඉන්න පුලුවන් නේ."

අහංසක සිනාවක් මුවෙහි රදවන් ටේහ්‍යුන් එලෙස පවසද්දි හෝසොක්ට ටේහ්‍යුන් අදහස් කරපු දේ තේරුනත් ඒ කියපු දේ ඇතුළින් තවත් යමක් ටේහ්‍යුන් අදහස් කරපු බව තේරුන හෝසොක්...

"ඇයි ඔයා එහෙම කිව්වෙ ටේ?කොහොමත් එයා ඔයා ගැන හොදට හොයලා බලනවා."

"හියුන්.මං එදා ඔයාලා කතා කරපු දේවල් අහන් හිටියෙ.එයා මං ගැන හොයලා බලනවා.මට ආදරෙන් සළකනවා ඒත් කවදාවත් වචනෙකින් එයා මට ඒ දේවල් කියලා නෑ.මට එහෙම අහන්න ඕන කියලා නෙමෙයි මං කියන්නෙ.ඒත් හියුන් මට ඇත්තටම අනුකම්පා කරනවා නම්..."

"එහෙම නෑ පැටියො.යුන්ගිව මං දන්නෙ හුගක් පොඩි කාළේ ඉදන්.එයාව තේරුම් ගන්න අමාරුයි වගේ පෙනුනත් මං දන්නවා එයා ගැන.ඔයා හිතනවා නම් ඔයා ඉන්න විදිහ නිසා එයා ඔයාට ආදරේ නෑ කියලා ඒක මහ මෝඩ අදහසක්.එයා කවදාවත් එහෙම හිතලා ආදරේ කරන කෙනෙක්.අනික කොහොම හිටියත් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න තරම් එයා වාසනාවන්තයි."

එලෙස කියූ හෝසොක්,ටේහ්‍යුන්ගෙ නළලත සිප ගත්තෙ ඔහුගෙ සිතෙහි වූ හැඟීම් ඒ තුළ සිර කරගනිමිනුයි...
"ඔව් එයා ගොඩක් වාසනාවන්තයි.ඔයා නොදන්නවා වුනාට,එයා ඔයාට ආදරෙයි.ඒක නොපෙන්නුවත් එයා වාසනාවන්තයි ඔයාව ලැබෙන්න තරම්."








"ඇතුළට යනවද?නැද්ද?එක්කො ආපහු යන්න ජිමින්.නෑ...ඇතුළට යන්න ජිමින්."

හොද හුස්මක් හෙලූ ජිමින් කාර්යාලයේ දොරට තට්ටු කළ විට ඇතුළෙ සිටි කෙනා...

"එන්න."

කාර්යාලයේ දොර විවර කරන් ඇතුළට පැමිණි ජිමින්...

"සර්..."

"ආ...ඔයා.ජිමින් නේද?"

"සර්ට මාව මතකද?"

"මොකද නැත්තෙ?ඉතින් ජිමින්...?"

"මං දැන් සර්ගෙ ශිෂ්‍යයෙක්නෙ.ආ...මේ අපේ අලුත් සර් වෙනුවෙන් පොඩි තෑග්ගක් මේක."

ජිමින් තම අතෙහි වූ කුඩා මල් කළඹ නම්ජූන් හට දිගු කර එසේ පවසද්දි නම්ජූන් එය සතුටින් භාර ගත්තෙ...

"ස්තූතියි ජිමින්."

ලෙසට ඔහුට ස්තූති වන්ත වෙමින්.ජිමින්ට ඒ පොඩි දේ වුනත් ඒ මොහොතේ ඔහුගෙ සිතට ලොකු සතුටක් ගෙන දුන්නා...









"මට උඹත් එක්ක කතා කරන්න ඕන."

"මාත් එක්ක?මොනවා ගැනද?"

"ටේ ගැන."

"මං උඹට කිව්වෙ එයාව හොද කරන විදිහක්..."

"ඒ ගැන නෙමෙයි බන්.ඇයි උඹ හැඟීමක් නැති මනුස්සයෙක් වගේ ඔහොම කරන්නෙ ඒ කොල්ලට?"

"මං මොකක්ද්ද කළේ?"

"උඹ ඒ ළමයව බලා ගන්න එක ඇත්තක්.උඹට වගේම ඒ ළමයටත් කවුරුත් නෑ.එයා ගැන වගකීම උඹ ගත්තට එයා උඹෙන් ඊට එහා දෙයක් බළාපොරොත්තු වෙනවා.එයා උඹට ආදරෙයි."

හෝසොක් බැරෑරුම් අයුරින් එලෙස පවසද්දි ඉදිරිය බලාගෙන සිටි යුන්ගි...

"මං දන්නවා."

"දන්නවා කියන්නෙ?"

"එයා මට ආදරේ කරනවා කියලා මං නොදන්නවා නෙමෙයි."

"ඉතින් උඹත් එහෙමනෙ?නෑ කියන්න එපා."

"ඔව්.මාත් එහෙමයි."

"මං දන්නවා යුන්ගියා...ඒත් ටේ නිතරම හිතන්නෙ එයාගෙ තත්වෙ එක්ක උඹට එයා ගැන තියෙන්නෙ අනුකම්පාවක් කියලා."

"එදා අපි කියපු දේවල් අහන් හිටියා එයා.අනිවාරෙන්ම ඒක හිතනවා.එක අතකට ඒකත් හොදයි."

"මොකක්ද්ද ඒකේ තේරුම?උඹ නම් මහ පෙහෙළිකාවක්."

"මට ආපහු යන්න වුනොත්?"

"යුන්ගි?"

HIDDEN LOVE✔Where stories live. Discover now