🔞 35th Bite 😊

1K 231 127
                                    

I Bite You In My Eyes ❤️

සැදෑ සමයත් ගෙවී ගොසින් රාත්‍රී කාලයට වටපිටාව සූදානම් වෙද්දී තේ දළු කැඩු සියල්ලෝම පිටව ගියා... හවස් වෙද්දි බින් , ශුවාන් , යෙන්ග්මී , අම්මී විතරක් නෙවෙයි තාත්තිත් ගජරාමෙට තේ දළු කඩන්න මහන්සි උනා..  ඇත්තටම ශැංහයි ඉදලා ආව කොල්ලොන්ට නම් මේවා අලුත් වගේම හිතට ආස හිතෙන අත්දැකීම් උනා..

ඒ කෙසේ වෙතත් මේ වෙද්දි ජාන් නම් ඉන්නේ සාලේ සැටියේ හාන්සි වෙලා.. කොල්ලට මහන්සියට ටිකක් නින්ද ගිහිල්ලා... දවසෙම එහෙට මෙහෙට දුවලා බර උස්සලා තේ දළු කඩලා දැන් හොදටම නිදි... කොල්ලා නිදන් ඉන්න අතරේ යීබෝ කොයිකටත් කියලා බාම් එකක් ගෙනල්ලා ජාන්ගේ දනිස් දෙකේ විලුබෙ වගේම අත් දෙකෙත් ගාලා කොන්දෙත් ගාලා රෙද්දක් පෙරෙව්වේ රෑට නින්දක් නැතිව ඇගම රිදෙයි කියලා හිතලා...

යීබෝ කාමරේට බෙල්ල දාද්දී අනිත් ඩබල නම් කකුල් අතගා ගන්නවා... යීබෝ බලන් උන්නේ මොනවද කියවන්නේ කියලා...

🔻 දවල් දවසේ රිදුනේ නෑනේ යකෝ.. දැන් රිදෙන්නේ ඇයි දන්නෑ..

💎 අඩෝ... බාම් එකක් හොයන් ගාමුද...

කොල්ලෝ දෙන්නගෙ කතාව අස්සේ කාමරේට ආව යීබෝ ඇදෙන් වාඩි වෙලා කොල්ලො දෙන්නගේ කකුල් වලත් බාම් ගෑවා...

💚 පුරුදු නෑනේ දරුවෝ ඔයාලට.. ඒකයි මේ.. බලන්න හෙටත් අද වගේම වැඩ කරලා.. හෙට රෑට ඔයාලට  අමාරු නෑ..

🔻 ඇත්තටමද සර්...

💚 ඔව් අනේ.. මේ පුරුදු නැති නිසානේ... බඩගිනී නැද්ද

💎 බඩගිනී...

💚 කන්න ගෙනල්ලා දෙන්නද...

🔻 ජානා...

💚 එයා කීයට හරි නැගිට්ටාම කන්න දෙන්නම් මන්... කොහොමත් වැඩි වෙලාවක් යන්නෑ කොල්ලා නැගිටිනවා...

💎 එහෙනම් කාලා ඇවිත් නිදියමු බන්..

යීබෝ එක්කම සාලෙට ආව කොල්ලො දෙන්නා කෑමට වාඩි වෙද්දි අම්මී යෙන්ග්මී දෙන්නා කෑම බෙදලා යීබෝ ඇරෙන්න අනිත් ඔක්කොමලා කන්න පටන් ගද්දී යීබෝ ගියේ ජාන් ලගට උනත් යීබෝ දැක්කේ නින්දෙන්ම දගලමින් කදුළු සලන ජාන්ව...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now