🔞 37th Bite ❤️

1K 234 156
                                    

I Bite You In My Eyes ❤️

පොලීසියට ගොස් විනාඩි ගනනාවක්ම යීබෝ ජාන්ව එක්ක ආව දවසෙ ඉදන් වෙච්ච දේවල් සියල්ලම , කොල්ලට කරදර කරන්න ආව දේවල් සියල්ලම පොලිස් OIC මහත්තයට කිව්වේ තවත් මේ ප්‍රශ්න නිසා ජාන්ට දුකක් කරදරයක් වෙන්න තියෙනවට අකමැති නිසා...

කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග මියෑන් පොලීසියට එද්දි ඒ පස්සෙන් මියෑන්ගෙ අම්මත් අඩ අඩ පොලීසියට එනවා යීබෝ දැක්කත් කොල්ලා අහක බලාගද්දි බින් ශුවාන් දිහා බලන් උන්නා... තවත් වෙලාවක් යද්දි පොලීස් ජීප් එකක් පිරෙන්න රෑන්ග් ඇතුළු පිරිසත් පොලීසියට එද්දී යීබෝගේ නෑදෑයෝ ඔක්කොම පොලීසියට ඇවිත්...

🧑‍✈‍ ශා හරි ශෝක් නෑදෑයෝ නේද ඉන්නේ.. මොකක්ද මේවයේ තේරුම..

" අනේ පොලිස් මහත්තයෝ මොකක්ද වෙලා තියෙන්නේ.. "

කිසිම දෙයක් නොදන්න මියෑන්ගෙ හා රෑන්ග් ගෙ මව් පියන් හඩා වැටෙද්දී යීබෝට ඇත්තටම ලොකු කනගාටුවක් දැනුනත් මේ වෙලාවේ තමන් තදින් හිටියේ නැතිනම් මේ ප්‍රශ්න විසදන්න බැරි නිසාම කොල්ලා අහක බලාගත්තා...

🧑‍✈‍ පීසී.. මේ කෙල්ලවයි.. මේ කොල්ලොන්වයී දාන්න කූඩුවට...

👩 අනේ මමා... 🥺🥺 අනේ මමා...

මියෑන් පොලීසිය දෙවනත් කරමින් කෑ ගහද්දී මියෑන් වගේම රෑන්ග් එක්ක රෑන්ග්ගෙ මිතුරු කල්ලියත් පොලිස් කූඩුවක් අස්සට දාද්දි මියෑන් කෑ ගහපු පාරට කෙල්ලට ලැබුනේ හොද කනේ පහරක්...

" කට වහ ගන්නවා.. මේක තමුන්ගෙ ගෙදර නෙවෙයි බෙරිහන් දෙන්නේ... "

කාන්තා පොලිස් නිලධාරීනියක් ගුගුරලා යද්දි මියැන් එහෙම්ම බිම වාඩි උනේ කදුළු ගලන් යද්දී..

අහිංසක මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවේ ඉන්න නොදෙන මහ දුශ්ට මිනිස්සුන්ට කවදාම හරි තමන් කරන කියන දේවල් වලට වන්දි ගෙවන්න වෙද්දි ඔය විදියට අඩන්නම සිද්ද වෙනවා...අවසානෙදි දුක් වෙන්නේ තමන්ටත් වඩා අසරණ අම්මලා තාත්තලා වෙද්දි මියෑන්ගෙ වගේම රෑන්ගෙත් අම්මලා පොලීසියේ බිම වැටිලා අඩන්න ගත්තා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now