chapter 5

726 149 11
                                    

Author pov

🌹 උබ දැන් මොකද කරන්නේ නාදියා ??

නාදියා ඇදේ හාන්සි වෙලා කල්පනා කර කර ඉන්නකොට අයිශු ලගින් වාඩි වෙලා ඇහුවා..

❤ මටත් හිතාගන්න බෑ බන්.

🌹 හිතාගන්න බෑ ගාන්නේ..උබමනේ පැනගෙන කිව්වේ ආවේ ටේහ්‍යුන්ගේ සෙකට්‍රි තෝරන ඉන්ටර්විව් එකට කියලා..

❤ හරි බන් ඉතින්..එහෙමයි කියලා කවුද හිතුවේ මන් ඕක කිව්ව කියලා ටේ ඔප්පා ඒක මට දෙයි කියලා..

🌹 ඉතින් උබේ කොලිෆිකේශන් අවුල් උනත් අයේශ් අයියාගේ කොලිෆිකේශන් හොදයිනේ..ඒවා බැලුවාම ටේ ඔප්පාට උබව ගන්න හිතෙන්න ඇති..

❤ පිස්සුද යකෝ...එයා ඒ එකක්වත් බැලුවේ නෑ.. මට අනිත් අය එක්කම ඉන්ටර්විව් එකට එන්න කිව්වා..එයා කිව්ව නිසා මාත් ඉතින් ඉන්ටර්විව් එකේ හිටියා..පැයක් වගේ ගියාම මන් ඇතුලට ගියා. ඊට පස්සේ මගේ කොලිෆිකේශන් බලන්න තියා මගේ ෆයිල් එක දිගෑරින්නෙවත් නැතුව මාව තෝරගත්‍ත..ඇග්‍රිමන්ට් එකක් තියෙනවා කිව්වා..ඒක හෙට ඇවිල්ලා සයින් කරන්න කිව්වා..
මන් හා කියලා ඔලුව වනලා ආවා..

🌹 අඩෝ සිරාවට..එහෙනම් ටේ ඔප්පාට උබව හිතට අල්ලන්න ඇති..ඇරත් එයාගේ දුව බේරුනේ උබ නිසානේ..

❤ සිරාවටම මන් හිතුවේ නෑ බන් ටේ ඔප්පා මැරි කරලා කියලා..ඇරත් දරුවෙකුත් ඉන්නවනේ..මන් පව් බන්..මෙච්චරකල් ටේකුක් ශිප් කරා..බලන් ගියාම මන් කුකියාට සෙට් කරලා තියෙන්නේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ..

🌹 මොනවා උනත් ඒ කෙල්ල හෙන හුරතල් නේද ??

❤ ඔව් බන්..මට ආස හිතුනා..මගේ බෙල්ල බදාගෙන අඩනකොට අනේ මන්දා මට දැනුනේ හෙන අමුතු හැගීමක්..එයාගේ අම්මා හුගක් ලස්සන ඇති නේද ?? කොහොමත් ටේ ඔප්පා වගේ හැන්ඩ්සම් කොල්ලෙක් බදින්න ලැබුන එකට නම් එයා හුගක් වාසනාවන්තයි..

🌹මොනවා උනත් ඒ පවුල ලස්සනට ඉන්නව ඇති ?? බලපන් ටේ ඔප්පා ඒ දරුවාට කොච්චර ආදරේද කියලා..එයා ආවෙම කදුලු පුරෝගෙන..

❤ කොහොමත් මගේ බයස් හොද අප්පා කෙනෙක් තමයි..මට ආඩම්බරයි ඒ ගැන..
ඒක නෙමෙයි..උබ මොනවාද මන් ඉන්ටර්විව් එකේ ඉන්න පැයේ ජිමින් ඔප්පා එක්ක කියො කියෝ හිටියේ..මන් ආයි එනකොට උබලා දෙන්නා හොද යාලුවෝ වගේනේ හිටියේ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now