කඳුළැලි - 22

1.3K 281 36
                                    

යෙහෙනි රෝහල්ගතව සිටි මාස එකහමාර පුරාවටම ඇයව බැලීමට උදෑසනට රෝහලට යන්නේ මම පමණකි. ශනල්කට ශිෂ්‍ය නායක රාජකාරි ඇති හෙයින් ඔහු අකමැත්තෙන් වුවද පාසල කරා ගිය අතර මම උදෑසන හය වන විට දියර ආහාරද රැගෙන රෝහල කරා ගියෙමි. යෙහෙනිගේ මුහුණ වෙළුම් පටිවලින් වෙලා තිබූ හෙයින් ඇය බොහෝ විට මට සන් කළේ ඇගේ දෑසිනි. දෑතටම ගසා තිබූ විවිධ වර්ගයේ බෙහෙත් කටු නිසා ඇය දැඩි වේදනාවකින් පසුවන බව ඇගේ හෙදිය මට පවසා සිටියාය. දැනටමත් බොහෝ දෙනා මම ඇයගේ සහෝදරයා බවට වරදවා වටහාගෙන සිටියද මම කිසිවක් නොකියා එයට මුහුණ දුන්නේ පැහැදිළි කිරීම් වලින් වෙහෙසට පත්වන්නට මට උවමනා නොවූ බැවිනි. 

යෙහෙනිව රෝහලේ තබාගන්නවා යැයි කියූ අවසාන දින දහයේදි ඇයව විශේෂ ප්‍රතිකාර සඳහා වරින් වර රැගෙන ගියේ සිරුරට අවශ්‍ය ජවය ලබා‌ දීමට එන්නත් කරලීමටයි. ඒ කිසිඳු අවස්ථාවක ශනල්ක හෝ මම ඇය සමගින් නොසිටියෙමු. කිමද යත් ඇයට ‌බෙහෙත් එන්නත් කරලීමට යන අවස්ථාවේදි අපි දෙදෙනාම පාසලේ සිටි බැවිනි.

හත්වන දිනයේ උදෑසන මම සුප් බෝතලයක් අතකින් ගෙන රෝහල තුළට ඇවිද ගියේ යෙහෙනි සිටි වාට්ටුව ‌කරා යාමටයි. කෙසේ මුත් මම යන විටත් ඇගේ ඇඳ වටා ‌කිසිදාක නොමැති ලෙස වෛද්‍යවරුන් වටව සිටියහ. මම මදක් ඈතින් නතරව බලා සිටියේ සිදුවන්නේ කුමක්ද කියා බැලීමටයි. ඔවුන් ඇයව ඇඳේ තබා තල්ලු කරගෙන යන විට මම කලබලයට පත්ව ඔවුන් අසලින්ම ඇවිද ගියේ ඇයව රැගෙන යන්නේ කුමකටදැයි දැන ගැනීමට අවැසි වූ බැවිනි. 

එන්නත් කාමරයට ඇයව ඇතුළු කළ පසු මට දැකිය හැකි වූයේ ඇගේ මුහුණේ වෙළුම් ඉවත් කර ඇති බවයි. ඇය පෙර සිටි යෙහෙනි ලෙසම දිස් වුවද දෑස වඩා වෙහෙසකර බවකින් යුතු විය. ඔවුන් ඇයව ප්‍රවේශමෙන් එන්නත් කාමරයේ තිබූ ඇඳට මාරු කරන ආකාරය දෙස මම වීදුරු ජනේලයෙන් බලා සිටියෙමි. මට කාමරය ඇතුළට යාමට අවසර නැති බව දොරේ ගසා ඇති හෙයින් මට බලා සිටිනවා හැර වෙනත් කිසිවක් කිරීමටද නොහැකිය. ඔවුන් යෙහෙනිගේ දෑත් ‌ඇඳ දෙපසට තබා ආරක්ෂක පටි වලින් ඇයව ඇඳට තද කර බැඳ දැමූහ. මම තදින් සුප් බෝතලය මිරිකා ගත්තේ යෙහෙනිගේ දෑසින් විද්‍යමාන වූ වේදනාව දැකීමත් සමගයි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now