28.මතක පොත 📚

1.2K 210 45
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....

.
.
.
.
.
මගේ කතාව ඇහුවම ඒ හැමෝගෙම කටින් පිට වුණේ එක වචනයයි.........

"රුක්ෂාන් නරුමයෙක්......."

ඕක ඉතිං මං නිතරම කියන දෙයක්නෙ 💔......ඉතිං එයාලට මගේ කතාව කියලා ඉවර වෙලා මං මූණ ටිකක් සෝදගන්න ආවා.....හුස්මක් නොගෙනම මං මගේ කතාව හැමෝටම කිව්ව නිසා මට හුගක් මහන්සි .....ඔක්කොමත් හරි දැන් හොදටම රෑත් වෙලා....මං ආයෙ එද්දි අනික් උන් තැන් තැන්වල නිදි ....දවසටම මං කාලා නෑ......මට ගොඩාක් බඩගිනී .....අනේ මගෙ හේෂ් .....මාව බේරගන්න  😭......මං ඇතුලාන්තයෙන්ම පිච්චුණා.....බඩගින්න අහස උසට....ඒත් ඊටත් වඩා හිතට දැනෙන දුක මෙච්චරයි කියලා කියන්න බෑ....

"අවිනාශ් දුනුසිංහ .........?"

කූඩුවෙ බිත්තියකට ඔලුව තියන් හිටපු මට හරි හෙමින් මගේ නම කියනවා ඇහුණා.....මං හැරිලා බලද්දි දැක්කෙ ජේලර් කෙනෙක්ව....අනික් අයව ඇහැරෙන්නෙ නැතිවෙන්න මං ඒ හරියට ගියාම ඒ මනුස්සයා කූඩුව ළගට ආවා....

"අවිනාශ් කියන්නෙ ඔයාද.....?"

"ඔ.....ඔව්....."

"ආ එහෙනම් මේක ගන්න....."

"මොකක්ද.....?"

"ඔයාම බලන්න.....අනික් උන්ව ඇහැරවන්න එපා.....මං යනවා.....ආයෙ විනාඩි 20න් මං එනවා...."

එහෙම කිව්ව ජේලර් ඒ බෑග් එක අර කූරු අතරින් මගේ අතට දීලා යන්න යද්දි මං බිත්තිය මුල්ලකට ගිහින් බෑග් එක ඇරලා බැලුවා......Box එකක් එක්ක උඩින්ම තිබ්බෙ චිට් එකක්.....

"අවී......තමුසෙ කෑවෙ නෑ නේද....? මං දන්නවනෙ තමුසෙට ඕවා කන්න බෑ.....ඔන්න ඇලිස් තමුසෙට කෑම හැදුවා.....බඩ පිරෙන්න කාලා ඉන්නවා.....පරිස්සම් වෙනවා හරිද "

අනෙ මගෙ හේෂ් 🥺.....එයා මට කෑම එවලා 🥺💔....හැමෝටම වඩා මාව එයාට දැනෙනවා කියලා හිතද්දිත් මට මාර සතුටුයි.....මගේ පරිස්සම ගැන එයා ඕනවටත් වඩා පරිස්සම්...අනේ එයාගෙ අත කොහොමද දන්නෙත් නෑ 😭...හීන් ඉකිබිදුමක් මගේ කටින් පිට වෙද්දි මං අතින් කට වහගත්තෙ කාටහරි ඇහැරෙයි කියලා හිතලා...

හේෂ් ගැන හිතේ තියන ආදරේ තව තවත් වැඩිවෙද්දි මං දැණුන බඩගින්න නිසාම අර box එක ඇරියා....අනේ ඇලිස්ගෙ කෑම....දැක්කම බඩගින්න හොදටම වැඩි වුණා මට....කෑම එක හැන්දක් එක්කම එවලා තියනවා දැක්කම සත්තමයි මගේ ඇස් වලට කදුලු පිරුණා....මේ තරම් පරිස්සම් කරන රැකවරණයක්.....මට දරාගන්න අමාරුයි....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now