09.You are Mine

480 123 8
                                    

කවදත් ජන්ග්කුක් ජිමින්ව ආශ්‍රය කලේ බොහොම ලගින්.ගොඩක් දවස් වලට මහ රෑ එක දෙක විතර වෙද්දි කොට්ටෙත් උස්සගෙන ජන්ග්කුක්ගෙ රූම් එකට එන එක ජිමින්ගෙ පුරුද්දක්..මොකද ජිමින්ට රෑට නින්ද යන්නැති ප්රශ්නයක් තියෙනවා.

ඒ දවස් වලට දෙන්නම පාන්දර වෙනකම් එක්කො කතා කර කර ඉන්නවා.නැත්තම් ජිමින් ජන්ග්කුක්ව බදාගෙන නිදාගන්නවා.මේ ගැන මෙම්බර්ස් ලාගෙ විහිලු වලින් ජිමින් හෙම්බත් වෙලයි හිටියෙ.

සහෝදර බැදීමකට එහා ගිය ආදරයකට මෙහා නැවතුන තේරුම්ගන්න බැරි බැදීමක් එයාල අතර තිබුන බව කලින් ඉදන්ම දෙන්නම දැනගෙන හිටියා.

ඒත් ගේම් එක පටන් ගත්ත දවසෙ ඉදන් රගපෑමක් වුනත් දෙන්නා වෙනදටත් වඩා ලං වුනා.ලගින් ඉද්දි දෙන්නම සතුටෙන් ඉන්න බව දෙන්නටම දැනුනා.

************

ලක්ශරි මෝටර්බයික් එක මාර්ගය දිගේ ඉදිරියට ඇදුනෙ හරිම හෙමින්.ජන්ග්කුක් හිතාමතාම බොහොම හෙමින් බයික් එක පදවගෙන ගියෙ අධික සීතලට අත් දෙක අයිස් වෙලා වගේ දැනුන නිසා නම් නෙවෙයි.හරියට එයා කොහෙ⁣වත් පැනල දුවයි වගේ බදාගෙන ඉන්න ජිමින් එක්ක ගත වෙන මේ මොහොත ඉක්මනින් ඉවර වෙනව දකින්න අකමැති වුන නිසයි.වෙලාව මෙතනම නවතිනවනම් හොදයි කියල ජන්ග්කුක්ට හිතුනා.

මාර්ගය දෙපස එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම ඒ තරම් මිනිස්සු ගැවසෙන බවක් පෙනුනෙ නෑ..

JM : "කුකී ...?"

ජන්ග්කුක්ගෙ මූනෙ තිබ්බ හිනාව මැකිලා ගියෙ ජිමින්ගෙ සිහින් කටහඩ නිසා.

JK : "වේ ?"

JM : "වහින්න වගේ.."

මුලින් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් ගත්තත් මිනිත්තුවක් ගත වෙද්දි මහ වැස්සකට හැරුනා.

JK : "ජිමින්,මේ හරියෙ කව්රුත් නෑ වගේ..අපි ටිකක් නැවතිලා ඉමුද..නැත්තම් නාන්න වෙන්නෙ.."

ජන්ග්කුක් ⁣පාර අයිනෙ කාටවත් පේන්නැති අදුරු තැනක තිබුන ලොකු ගහක් යට බයික් එක නතර කලා.

ජිමින් ඉක්මනට බැහැලා ගිහින් ගහ යට හිටගත්තෙ සීතලේ ගැහි ගැහී..කුකීත් දුවගෙන ඇවිත් ජිමින් ලගම හිටගන්න ගමන් වටපිට බැලුවෙ මාස්ක් එක අයින් කරන්න පුලුවන් තත්වයක් තියෙනවද කියලා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now